අත් අඩංගුවට ගෙන ගෝටාට සුදු හුණු ගෑමේ වෑයමක්

අත් අඩංගුවට ගෙන ගෝටාට සුදු හුණු ගෑමේ වෑයමක්

 

ගෝටාබය රාජපක්ෂව අත් අඩංගුවට ගනු ඇතැයි මාධ්‍ය වෙත තොරතුරු ලබා දී ඇත්තේ පොලිස්පති පූජිත් ජයසුන්දර විසිනි. පූජිත් ජයසුන්දර එම තොරතුරු ලබා දී තිබුණේ ද ගෝටාට හිතවත් ම මාධ්‍ය ආයතනයක් වෙතය.

මෙම නාටකය සඳහා ගෝටාබයව අත් අඩංගුවට ගැනීමට සූදානම් වන්නේ රාජපක්ෂ පවුලේ දෙමව්පියන්ගේ සොහොන මහජන මුදලින් ඉදිකළේය යන චෝදනාවටය. මහජන මුදල් කෝටි 09ක් වැය කරමින් මෙම සොහොන් ඉදිකිරීම යනු ගෝටාබයට ඇති අවම චෝදනාවය. මහජන මුදල් බිලියන ගණනින් ගසා කෑ මිග් යානා ගනුදෙනුව, සොහොනක් නැතිවම ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කරවීම, වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනෙක් සොහොන් කරා යැවීම, මාධ්‍යවේදීන්ට හමුදාව යවා සොහොන් ලකුණු පෙන්නීම, උතුරේ දහස් ගණන් ජනතාව සොහොනුත් නැතිව අපායට දැක්කීම වැනි දහසකුත් එකක් චෝදනා ඔහුට එරෙහිව පවතිද්දී අත් අඩංගුවට ගැනීමට තෝරාගෙන ඇත්තේ කුඩාම එකය.

ගෝටාබයව අත් අඩංගුවට ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තරයේ විරුද්ධ වී ඇත. ජනාධිපතිවරයාගේ බලාපොරොත්තුව වී ඇත්තේ අනාගතයේ දිනක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහින්ද පාර්ශ්වය සහ තමන්ගේ පාර්ශ්වය සමඟි කිරීම සඳහා ගෝටාබය රාජපක්ෂව යොදවා ගැනීමටය. එහිදී මැදිහත් වී ඇති පොලිස්පතිවරයා පවසා ඇත්තේ "බය වෙන්න එපා සර්. අපි ගාණට වැඩේ කරන්නම්. ඇරෙස්ට් කරාට වඩා ඉක්මනට චෝදනා වලින් නිදහස් කරන්නම්. එතකොට හැමෝම ගොඩ" යනුවෙනි.

මේ අනුව මාධ්‍ය සංදර්ශනයක් පවත්වා ගෝටාබය රාජපක්ෂව අත් අඩංගුවට ගැනීම සියළු පාර්ශ්ව දැනුවත්ව කෙරෙනු ඇති නාටකයක් වනු ඇති අතර අවසානයේ ගෝටාබය රාජපක්ෂ සුද්ධවන්තයා වී රටට කොකා පෙන්නා ගෙදර යනු ඇත. රටේ ජනතාවට සංහිඳියාව දෙන්නට දහසක් පොරොන්දු දී බලයට පැමිණීයද සංහිඳියාව වෙනුවෙන් කිසිවක් නොකළ බලධාරීන් තම තමන් අතර සංහිඳියාව වෙනුවෙන් ජනතාව අන්දන ආකාරය හෙට අනිද්දාට දැකගත හැකිවනු ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment