හතුරුසිංහ ක්‍රිකට් පුහුණුකරු ධූරයට.

හතුරුසිංහ ක්‍රිකට් පුහුණුකරු ධූරයට.

 හතුරුසිංහ මහතා 2019 වසර වනතෙක් බංග්ලාදේශ කණ්ඩායම සමග ගිවිසුම්ගතව සිටියද පසුගිය ඔක්තෝබර් මාසයේදී ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය එරට ක්‍රිකට් ආයතනය වෙත යැවීමට කටයුතු කළේය. මේ වනවිටත් හතුරුසිංහ මහතා නීත්‍යනුකූලව තනතුරින් ඉවත් වී නොමැති අතර කෙසේ වෙතත් ඔහුගේ තීරණයට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විරෝධය පළකර නොමැත.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා ලිඛිතව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය ද දැනුවත් කර තිබේ. වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමේ අසාර්ථකත්වයට හොඳම විසඳුම හතුරුසිංහ මහතා බවත් කණ්ඩායම සාර්ථකත්වය කරා ගෙනයෑමට කෙටිකාලීන මෙන්ම දිගුකාලීන විසඳුම් සෙවීම සඳහා හතුරුසිංහ මහතාට හැකියාවක් තිබෙන බව විශ්වාස කරන බවත් තිලංග සුමතිපාල මහතා පවසයි.

චන්දික හතුරුසිංහ මහතා නව තනතුරට පත්වීමෙන් පසු මුහුණ දෙන පළමු තරගාවලිය බංග්ලාදේශයේදී පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා සිම්බාබ්වේ කණ්ඩායම ද එක්වීමට නියමිතය. එම කණ්ඩායම් සහභාගි වන තුන්කොන් එක්දින තරගාවලිය ලබන ජනවාරි මාසයේදී බංග්ලාදේශයේදී පැවැත්වේ.

උපාලි සපරමාදු

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment