මේ අතර ඊයේ (22) රාත්‍රී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවට ද මේ පිළිබඳ යෝජනාවක් ඉදිරිපත්ව ඇති අතර දෙපාර්ශවයම එක්ව තරඟ කළයුතු බවට මධ්‍යම කාරක සභාවේදී එකඟතාවය පළ වී තිබේ. ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව ඊයේ රාත්‍රී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධනාත්වයෙන් ජනාධිපති නිල නිවසේදී පැවැත්විණි. එහිදී ඉදිරි මැතිවරණය සම්බන්ධයෙන් යෝජනා කිහිපයක් සම්මත කරගෙන තිබේ.
මැතිවරණය කල්දැමීම සඳහා ශ්‍රීලනිපය උත්සාහ කරමින් සිටින බවට විවිධ පාර්ශවයන්ගෙන් චෝදනා එල්ල වෙමින් තිබෙන අතර එයට හේතුව වන්නේ පළාත් පාලන ආයතන සීමා නිර්ණය කිරීමේ ගැසට් පත්‍රයට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සම් ඉදිරිපත් වීමයි. එම පෙත්සම්කරුවන් සියලු දෙනා ශ්‍රීලනිපයට සම්බන්ධ බවට චෝදනා එල්ල වූ අතර මෙම ගැටලුව සම්බන්ධයෙන් ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ අවධානය යොමුව තිබේ.
මීට අමතරව පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව වැඩිකිරීම සහ තරුණ නියෝජනය වැඩිකිරීම සම්බන්ධයෙන් ද මධ්‍යම කාරක සභාවේ සාකච්ඡාවට භාජනය වී තිබේ.
ආශිකා බ්‍රාහ්මණ
0 comments :
Post a Comment