ඡන්දය කල් නොයයි : ශ්‍රීලනිපය හා ඒකාබද්ධය සන්ධානයක් ගහලා?

කිසිදු ප්‍රමාදයකින් තොරව පෙර සැලසුම් කල පරිදිම පලාත් පාලන මැතිවරණය නියමිත දිනට පැවැත්වීය යුතු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව යෝජනාවක් සම්මත කර ඇතැයි වාර්තා වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) රාත්‍රියේ රැස්වූ පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදියි මෙම තීරණයට එළඹ තිබේ.

මේ අතර ශ්‍රීලනිපයේ භාණ්ඩාගාරික එස්.බී. දිසානායක මහතා කියා සිටියේ ඡන්දය පැවැත්වීට අවශ්‍ය කටයුතු සඳහා ශ්‍රීලනිපය අධිකරණයට යාමට කටයුතු කරණ බවයි.

එසේම මැතිවරණය කල් දැමීමට ශ්‍රීලනිපය මුල්ව ඇති බවට වන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවද ඔහු කියා සිටියේය.

මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකයන් ද එක්කර ගනිමින් පුළුල් සන්ධානයක් ලෙස මැතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් මධ්‍යම කාරක සභා රැස්වීමේදී සාකච්ඡා කළ බව හිටපු අග්‍රාමාත්‍ය දි.මූ. ජයරත්න මහතා පැවසීය.

කෙසේවුවද, එස්.බී. දිසානායක මහතා අදාල කාරණාව ප්‍රතික්ෂේප කරන අතර එවැනි සාකච්ඡාවක් මාධ්‍යම කාරක සභාවතුළ නොවුන බව කියයි. කෙසේවුවද එවැනි සාකච්ඡා නිල නොවන මට්ටමින් දෙපාර්ශවයේ කණ්ඩායම් අතර සිදුව ඇති බවද ඔහු සනාථ කළේය.

හඬ පට- TNL නිවුස් රේඩියෝ ‍

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment