මහින්දගේ නාවික මිතුරන්ට රජය උදව් කරයිද ?

මහින්දගේ නාවික මිතුරන්ට රජය උදව් කරයිද ?

 

රාජපක්ෂ පාලනය යටතේ ධම්මික පෙරේරා ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස සහ ආයෝජන මණ්ඩල ප්‍රධානියා ලෙස පත් කෙරුණි. ඔහු රාජපක්ෂ පවුල සමීපව ඇසුරුකළ බව මෙන්ම ඒ හරහා මූල්‍යමය වරදාන ලබාගත් බවද රහසක් නොවේ.

මැක්ලරන්ස් අධිපති රොහාන් ද සිල්වාට රාජපක්ෂ පාලනය සමඟ සමීප සම්බන්ධයක් තිබුණේ ඔහුගේ බෑණා වන දිනේශ් ජයවර්ධන හරහාය. ජයවර්ධන කුප්‍රකට සී එස් එන් සමාගමේ අධ්‍යක්ෂකවරයකු ලෙස කටයුතු කළේය. ඔහු කාල්ටන් මෝටර් ස්පෝට්ස් ක්ලබ් ක්‍රීඩා සමාජයේ ද ප්‍රධාන සාමාජිකයෙකි.

රාජපක්ෂ යුගයේදී 2012.12.2 දින කාල්ටන් මෝටර් ස්පෝට්ස් ක්ලබ් විසින් රුපියල් මිලියන 200කට අධික වටිනාකමින් යුත් අධිබල විදුලි පහන් 240කට අධික ප්‍රමාණයක් ආර්. ප්‍රේමදාස පිටියෙන් ගලවා ඉවත් කරගෙන තිබුණේ ජනාධිපති ආරක්ෂක අංශය සහ කොමාන්ඩෝ සෙබලූන් යොදවමිනි. ඒ, දිනේශ් ජයවර්ධන විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කළ ඉල්ලීමක් අනුවය.

එහෙයින් රාජපක්ෂ යුගයේ වරදාන ලැබූ ධම්මික සහ රොහාන් නාවික ඒකාධිකාරිය බිඳහෙළීම සඳහා වන වත්මන් රජයේ වෑයම ව්‍යර්ථ කිරීම සඳහා රජයේ ම ඇමතිවරුන් මිලදී ගැනීමට ඉදිරිපත් වී සිටින බව රහසක් නොවේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment