යාපනය සරසවියේ මහවිරු සැමරුමට සිසුන් හා ආචාර්යවරුන් එක්වෙති

යාපනය සරසවියේ මහවිරු සැමරුමට සිසුන් හා ආචාර්යවරුන් එක්වෙති

යාපනය සරසවිය ඉදිරිපිට මහවිරු සැමරුම වෙනුවෙන් ඉදිකොට ඇති සමාරකය අසල කොඩි වැල් යොදාගනිමින් සරසා තිබුණු අතර යාපනය සරසවියේ සියලු පීඨයන්හි සිසු සිසුවියන් විශාල පිරිසක් සැමරුම සඳහා එක් වූ අතර ඒ සඳහා අනද්‍යයන කාර්ය මණ්ඩලයේද සහය ලැබී තිබුණි.

සෑම වසරකට යාපනය සරසවියේ මහවිරු සැමරුම් සිදු කෙරුනු අතර පසුගිය 26 වෙනිදාට යෙදී තිබුනු LTTE නායකයාගේ උපන්දිනයද යාපනය සරසවියේ ස්ථාන කිහිපයක හොර රහසේම සමරා තිබුණි. සරසවියේ ස්ථාන කිහිපයකද ප්‍රභාකරන්ගේ 63 වන උපන්දිනය නිමිත්තෙන් මහවිරු සැමරුම සඳහා සියලු දෙනා එක්වන්නැයි ඉල්ලමින් පෝස්ටර් අලවා තිබූ අයුරු දකින්නට ලැබුණි.

උතුරේ දිස්ත්‍රීක්ක කිහිපයක ඊයේ සවස මහවිරු සැමරුම් රැසක් සංවිධානය කොට ඇති අතර ඒ සඳහා දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් පිරිසක්ද සහභාගි වී සිටියහ.

වන්නි රොමේෂ් මධුෂංඛ

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment