පසුගිය ඔක්තොම්බර් මස 14 වැනිදා ජනාධිපති උතුරේ සංචාරය කරන අතරතුරදී අතුරුදහන් වූවන්ගේ ඥාතීන් හමුවී කියා සිටියේ ගැටලු ඇත්නම් විසඳීමට තමන් හා සාකච්ඡාවකට පැමිණෙන ලෙසටත් ගමනාගමන පහසුකම්ද සපයන බවටත්ය.
මේ අනුව ඊයේ දින උතුරු නැඟෙනහිර අතුරුදහන් වූවන්ගේ ඥාති එකමුතුවේ ප්‍රධාන සාමාජිකයන් 47 දෙනෙකු බස් රථයකින් පිටත්වූ අතර අද දිනයේදී ජනාධිපතිතුමන් හමුවී අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් පවතින් ගැටලු සඳහා විසඳුම් සාකච්ඡා කිරීමට නියමිතව ඇත.
මේ අනුව එම බස් රථයේ කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන් අතුරුදහන් වූවන්ගේ ඥාතීන් 14 දෙනෙකු, වවුනියාවෙන් 05 දෙනෙක්, මන්නාරමෙන් 05 දෙනෙක්, මුලතිව් 04 දෙනෙක්, යාපනයෙන්, 02 දෙනෙක්, මඩකලපුවෙන් 02 දෙනෙක්, ත්‍රීකුණාමලයෙන් 03 දෙනෙක් සහ අම්පාරෙන් 02 දෙනෙක් ඒ අතර සිටී.
මේ වන විට අතුරුදහන් වුවන් වෙනුවෙන් විසඳුම් ඉල්ලා උතුරු නැගෙනහිර සිදු කෙරෙන සත්‍යග්‍රහයන්ට දින 275 කට ආසන්නයි. මෙතෙක් ඔවුන්ට පිළිගත හැකි විසඳුමක් ලැබී නොමැත.
වන්නි රොමේෂ් මධුෂංඛ
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment