'පොලිසියේ මහත්තයා මාව දූෂණය කළා'


ස්ත්‍රී දූෂණයක් කිරීමේ චෝදනාවකට සැකපිට තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරමින් සිටි ආධුනික උප පොලිස් පරීක්ෂකවරයකු තංගල්ල පොලිසියෙන් පෙරේදා (22දා) රාත්‍රි අත්අඩංගුවට ගෙන ඇත.

වයස අවුරුදු දහසයක් හා මාස අටක් වයසැති පාසල් ශිෂ්‍යාවක තංගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල් මහතාට කළ පැමිණිල්ලකට අනුව මෙම නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත. ඇය පැමිණිලි කර ඇත්තේ තමාගේ අකැමැත්තෙන් අදාළ පොලිස් නිලධාරියා ඇය අපයෝජනයට ලක්කළ බවයි.

ඇයගේ පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වූ පොලිස් අධිකාරිවරයා විසින් තංගල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක ලලිත් හෙට්ටිආරච්චි මහතාට දුන් නියෝගයකට අනුව තංගල්ල කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ සහය ඇතිව උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පොලිස් අධිකාරිවරයා කටයුතු කර ඇත.

අත්අඩංගුවට ගත් ආධුනික උප පොලිස් පරීක්ෂකවරයා ඊයේ (23දා) තංගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. පැමිණිල්ල කළ පාසල් ශිෂ්‍යාව වෛද්‍ය පරීක්ෂණ සඳහා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇත.

තංගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල් මහතාගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරි 1 අතුල ද සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ තංගල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක ලලිත් හෙට්ටිආරච්චි මහතා හා තංගල්ල කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් මේ පිළිබඳ පරීක්ෂණ පවත්වයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment