නාඋල ඉන්ධන පිරවුම්හලක භූමිතෙල් ගඳ පෙට්රල්


පෙට්රල්වලට භූමිතෙල් කලවම් කොට නාඋල විවිධ සේවා සමුපකාර සමිතියට අයත් පිරවුම් හලකින් වාහනවලට ඉන්ධන නිකුත් කරන බව වාහන හිමියෝ පවසති.
තරුණයකු බෝතලයකට පෙට්රල් ලබාගැනීමේදී රතු පැහැති වර්ණයක් පෙට්රල්වලින් දර්ශනය වන බවත් එම පෙට්රල්වල භූමිතෙල් ගඳ වහනය වන බවත් වාර්තා විය.
ඉන්ධන පිරවුම්හලේ කළමනාකරු

මෙම සිද්ධිය වසන් කිරීම සඳහා විවිධ දේ පවසා ඇත.
ඉන්ධන පිරවුම්හලට පැමිණි බොහෝ දෙනකු කියා සිටියේ පෙට්රල්වල වර්ණය වෙනස් වී ඇති බවත් විශාල වශයෙන් පෙට්රල්වලින් භූමිතෙල් ගඳ වහනය වන බවත්ය. එවැනි තත්ත්වයක් පැවති ඒ අවස්ථාවේදී ඉන්ධන පිරවුම්හලට පැමිණි වාහනවලට මෙම ඉන්ධන නිකුත් කරන අයුරු දැක ගැනීමට හැකිවිය.

මේ සිද්ධිය සලකා බැලූ නාඋල පොලිසියේ නිලධාරීන් රතු පැහැති ඉන්ධන සිය නහයට ළං කොට කියා සිටියේ ඉන් භූමිතෙල් ගඳ වහනය වන බවයි.

ත්‍රිරෝද රථවලට පෙට්රල් ලබාගත් බොහෝ දෙනකු මෙම සිද්ධිය දැන ගැනීමත් සමඟ තම ධාවන ටැංකියට යොදා ගත් ඉන්ධන එම ස්ථානයේ සිටම පිටතට ගන්නා අයුරු දක්නට ලැබිණි. මෙම ඉන්ධන පිරවුම්හලට පැමිණි නාඋල පොලිසියේ නිලධාරීන් පිරවුම්හලේ කළමනාකරුට උපදෙස් දුන්නේ තාවකාලිකව පෙට්රල් නිකුත් කිරීම නවතා මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙසය.
දඹුල්ල - කේ. කේ. ආරියදාස

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment