පොලිස්පති දුරකථන ටැප් කරන්න ගිහින් අතේ මාට්ටු වෙයි

පොලිස්පති දුරකථන ටැප් කරන්න ගිහින් අතේ මාට්ටු වෙයි

 

පොලිස්පතිවරයා තමන්ට හිතවත් ඉහළ පොලිස් නිලධාරියකුට මෙසේ දුරකථන විස්තර ලබා ගැනීම සඳහා අංක ලැයිස්තුවක් ලබා දී ඇති අතර එය පිළිබඳව ජ්‍යේෂ්ට නියෝජ්‍ය පොලිස්පතිවරුන් පිරිසකට ආරංචි වී සොයා බැලීමේදී පොලිස්පතිවරයා දී ඇති ලැයිස්තුවෙහි තම තමන්ගේ දුරකථන අංක ද පවතින බව ඔවුන්ට හෙළිදරව් වී තිබේ.

පොලිස්පතිවරයා විසින් ලබා දී තිබුණු දුරකථන අංක ලැයිස්තුවෙහි ඉහළ පොලිස් නිලධාරීන්ගේ දුරකථන අංක වලට අමතරව ජනමාධ්‍යවේදීන්ගේ දුරකථන අංක ද තිබී ඇත.

මේ සම්බන්ධව ජ්‍යේෂ්ට නියෝජ්‍ය පොලිස්පතිවරුන් විසින් ජාතික පොලිස් කොමිසමට ද දැනුම් දී ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment