කොළඹ අලුත් පේව්මන්ට් විවෘත කෙරේ


කොළඹ අලුත් පේව්මන්ට් 
විවෘත කෙරේ

කොළඹ කොටුව සහ පිටකොටුව ප්‍රදේශවල පවතින අධික වාහන තදබදය සැලකිල්ලට ගෙන, ප්‍රධාන මාර්ග මගහරිමින් පදිකයින්ට ආරක්ෂිතව ගමන් කිරීමට හැකි වන පරිදි ඉදිකෙරෙන මංතීරු ජාලය යටතේ කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතේ ලේක්හවුස් ආයතනය අසළ සිට
ඕල්කට් මාවත දක්වාවූ

පළමු අදියරේ වැඩ අවසන් කිරීමෙන් අනතුරුව ජනතා අයිතියට පවරාදීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (23) උදෑසන සිදු විය.ෙ
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කොළඹ නගර ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 17 ක් වැය කරමින් මෙම පළමු අදියරේ ඉදිකිරීම් නිම කර තිඛෙන අතර ශ්‍රී ලංකා නාවික හමුදාව ඒ සදහා ශ්‍රම දායකත්වය සපයා තිබේ‍ෙ
පීත්ත පටිය කපා පදික මංතීරුව විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය
අමාත්‍ය පාඨලී චම්පික රණවක, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රූපසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මීට එක්ව සිටියහ.



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment