ඩෙංගු මර්දනය සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ වැඩසටහනක්

ඩෙංගු මර්දනය සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ වැඩසටහනක්
කොළඹ, ගම්පහ, කලුතර, කුරුණෑගල, පුත්තලම, රත්නපුර කෑගල්ල, යාපනය මහනුවර, මඩකළපුව හා මාතලේ යන දිස්ත්‍රික්ක තවදුරටත් අවදානම් දිස්ත්‍රික්ක ලෙස හඳුනාගෙන ඇති බව ද ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දෙයි.
 
මෙම තත්ත්වය තවදුරටත් පැතිරීයාම වැළැක්වීම සඳහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සහ ජනාධිපති ඩෙංගු කාර්යසාධක බලකායේ උපදෙස් පරිදි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මගින් අදාල සියලුම ආයතන සම්බන්ධීකරණයෙන් මෙම මස .09 හා 10 යන දෙදින ඒකාබද්ධ ඩෙංගු මර්දන වැඩසටහනක් දීපව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.
 
ඒ අනුව සියලුම රාජ්‍ය ආයතන පරිශ්‍ර, පාසල්, ආගමික ස්ථාන, නව ඉදිකිරීම් ස්ථාන ඇතුලුව ඩෙංගු රෝගීන් බෝවීම වැළැක්වීම සඳහා, මදුරු කීටයන් බෝවන ස්ථාන හඳුනාගෙන, පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.
එබැවින් මේ සඳහා සියලුම කර්මාන්ත ශාලා, ගොඩනැගිලි ඉදිකිරීම් ස්ථාන, ආගමික ස්ථාන හා පෞද්ගලික නිවාසවල පුර්ණ දායකත්වය හා නිරන්තර සහභාගීත්වය අපේක්ෂා කරන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කරයි. 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment