කොහෙන් ගියත් බඩේ පාර අපිට (වීඩියෝ)

කොහෙන් ගියත් බඩේ පාර අපිට (වීඩියෝ)
දෛනික කටයුතු සියල්ලම පාහේ ඇණහිටින මෙවැනි සිදුවීම් පිළිබඳ ජනතාව කතා කළේ මහත් අප්‍රසාදයෙනි.  ප්‍රමාණවත් පරිදි පෙට්‍රල් ලබා ගැනීමට නොහැකි වීම නිසා ත්‍රිරෝද රැකියාවේ නියුතු පිරිස මහත් අසීරුතාවකට පත්ව සිටින බව පැහැදිලිව පෙනෙන්නට තිබුණි. ඔවුන්ගේ විරෝධය සෘජුවම ආණ්ඩුවට එල්ල වූ අතර තමන් මුහුණ දී සිටින දැඩි අපහසුතාවට විසඳුම් දීමට ආණ්ඩුවට නොහැකි වී ඇති බවයි ඔවුන් සඳහන් කළේ. කෙසේ වෙතත් මෙම පෙට්‍රල් හිඟය මෙම සති අන්තය දක්වාම පැවතිය හැකි බවයි ඛනිජ තෙල් වෘත්තීය සමිති කියා සිටියේ. මේ අතර විෂයභාර අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් කියා සිටියේ 09 වෙනිදා සවස් කාලය වන විට පෙට්‍රල් ප්‍රශ්නය විසඳන බවයි.
 
 නිශාන්ත ප්‍රියදර්ශන
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment