එබැවින් විදේශයන්ට අපනයනය කරන ඛණිජ සම්පත් යොදා ගනිමින් නිෂ්පාදනයන් මෙරට ආරම්භ කළ හැකි පරිදි ප්‍රතිපත්තියක් සකස් විය යුතු බවයි ඇමතිවරයා සඳහන් කරන්නේ. පේරාදෙණිය විශ්ව විද්‍යාලය සහ සිංගප්පූරුවේ නැන් යෑන්ග් (Nan Yang) තාක්ෂණික විශ්ව විද්‍යාලය එක්ව සංවිධාන කළ සම්මාන ප්‍රදානෝත්සවයේදී අමාත්‍යවරයා මේ බව කීවේය.
ජලාශ පද්ධති හා ජල පෝෂක කලාප සුරක්ෂිතතාව වෙනුවෙන් සේවය කළ ආයතන හා පුද්ගලයන්ට සම්මාන ප්‍රදානය කිරීම නිමිත්තෙන් පැවැති මෙම උත්සවයේදී ශ්‍රී දළදා මාලිගාව, මහනුවර මහ නගර සභාව, මධ්‍යම පරිසර අධිකාරිය, මහනුවර මහමායා බාලිකා විද්‍යාලය, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය ඇතුලු ආයතන රැසක් සම්මානයෙන් පිදුම් ලැබීය.
සම්මාන ප්‍රදානෝත්සවයේදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, අනර්ඝ තත්ත්වයෙන් යුතු ඛණිජ සම්පත් අපනයනය කොට එම රටවලින් පරිගණක චිප් ආදිය මිලදී ගැනීමට ශ්‍රී ලංකාවට සිදුව ඇති බවත් ඒ වෙනුවට මෙරට තුළ අදාල නිෂ්පාදන ආරම්භ විය යුතු යැයි කිවේය.
ශ්‍රී ලංකාවේ විද්‍යාඥයන් විශාල ප්‍රමාණයක් ලොව විවිධ රටවල සේවය කරන බව කී අමාත්‍යවරයා සම්මාන ප්‍රදානෝත්සවයේදී මෙසේ ද කීවේය.
වෙනත් රටවල සිටින ශ්‍රී ලාංකික විද්‍යාඥයන්ගේ සේවය අප රට වෙනුවෙන් ලබා ගත යුතුයි. නවීන තාක්ෂණය සමග ලෝකයට පිවිසීමට කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. කාර්මික තාක්ෂණය අභිභවා ගිය නැණෝ තාක්ෂණය දක්වා ගමන් කරන යුගයක් අද එළැඹ තිබෙනවා. මෙහිදී ලෝකය හමුවේ සපුරාගත යුතු සංවර්ධන ඉලක්ක 17ක් අපට උදාකර ගත යුතුයි. එක්සත් ජාතින්ගේ සංවිධානයේ නිර්දේශ අනුව දුගී බව තුරන් කිරීම, ආහාර, අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි ඉලක්ක කඩිනමින් සපුරා ගත යුතුව තිබෙනවා. ජනතාවට පිරිසිදු ජලය ලබාදීම ද අපට මුහුණදිය යුතු තවත් ඉලක්කයක්.
මම මෑතකදී රැසියාවේ සංචාරයක නිරතවුණා. සමාරා විශ්ව විද්‍යාලය එරට තාක්ෂණික ආයතන මේ වන විට ණැනෝ තාක්ෂණය භාවිතා කරනවා. ඔවුන් නැණෝ තාක්ෂණයෙන් යුතු චන්ද්‍රිකා ගුවන්ගත කරනවා. ඒ අනුව අපට අනර්ඝ අවස්ථාවක් හිමිවුණා, ශ්‍රී ලංකාව වෙනුවෙන් ණැනෝ චන්ද්‍රිකාවක් ගුවන් ගත කිරීමට. එම චන්ද්‍රිකාව 2020 වන විට ගුවන් ගත කිරීමට හැකිවේවි. ඒ පිළිබදව පර්යේෂණ පුහුණු හා ඉදිරි කටයුතු සදහා මෙරට ඉංජිනේරුවන් කිහිපදෙනෙකු රැසියාව බලා පිටත්ව යන බව අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා වැඩිදුරටත් කීවේය.
සිංගප්පූරුවේ නැන් යෑන්ග් (Nan Yang) තාක්ෂණික විශ්ව විද්‍යාලයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය අදිල් ධල්ලා (Dr. Adil Dhalla), පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් බී. දිසානායක, නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ලක්ෂ්මන් විජයවීර මහතා ඇතුලු පිරිසක් මේ අවස්ථාවට එක්විය.
නුවර නදීක දයා බණ්ඩාර
0 comments :
Post a Comment