ඔබාමාගෙ දුව බ්‍රිතාන්‍ය රජ පවුලට සම්බන්ධ පෙම්වතෙකු සොයාගෙන




හිටපු ඇමරිකානු ජනපති බරාක් ඔබාමාගේ වැඩිමල් දියණිය වන මලියා, තම පළමු පෙම්වතා වශයෙන්
බ්‍රිතාන්‍ය රජ පවුලට ද

සම්බන්ධකම් තිබෙන රෝරි ෆාක්වාසන් යසමග හාදවී ඇති බව විදෙස් වාර්තා හෙලි කර තිබේ.
ඇමරිකාවේ හාවඩ් සරසවියේ අධ්‍යාපනය ලබමින් දැනට 19 වැනි වියේ පසුවන මලියාගේ පෙම්වතාද 19 හැවිරිදි වියේ පසුවේ. සරසවියේ පාපන්දු තරගාවලියක් පැවැත්වෙමින් තිබෙන අතරවාරයේ රෝරි විසින් රාගික ආකාරයෙන් මලියාව සිප ගන්නා ආකාරය දැක්වෙන වීඩියෝවක් ෆේස්බුක් ඔස්සේ පැතිරීමෙන් පසු මෙම කතාව ගැන මාධ්‍ය අවධානය යොමු විය.

රෝරිගේ දෙවන ඥාති සහෝදරයා රජ මාළිගයේ සේවයේ නියුතුව සිටින මහ රැජිනගේ විශ්වාසනීයත්වය දිනාගැනීමට සමත් වූ අයෙකු ලෙස සැලකේ. කෙසේ වෙතත් ඔහුට රජ පවුල සමග ලේ ඥාතී සබඳකමක් නැත.රෝරිගේ පවුලේ තවත් ළඟම ඥාතියෙකුට  බ්‍රිතාන්‍ය අධිකරණයේ ගරු සාමාජිකත්වයද තිබේ.
මේ වන විට ඇමරිකාවේ මෙන්ම බ්‍රිතාන්‍යයේ පැපරාසි පුවත්පත් දිවා රෑ නැතිව මලියාගේ පෙම්වතා ගැන තොරතුරු සොයමින් පසුවේ.




Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment