මෙම දෙවොලේ ප්‍රකාශකයෙකු වන නරසිම්හ අදිගා වාර්තාකරුවන් වෙත ප්‍රකාශ කර ඇත්තේ අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් 'ශත චන්දි යාගය' (Shatha Chandi Yaga) පැවැත්වූ බවයි. තෙදිනක් පුරා පැවැත්වූ මෙම යාගයේ අවසාන දිනය වූ අඟහරුවාදා රනිල් වික්‍රමසිංහ මහතා සහ මෛත්‍රී වික්‍රමසිංහ මැතිනිය ඊට පුද්ගලිකව සහභාගි වූ බව ඉහත ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
මෙය භාරයක් ඔප්පු කිරීමක් බවයි මේ වනවිට අනාවරණය වන්නේ. පසුගිය අගෝස්තු මාසයේ පැවැත්වීමට තිබූ මෙම පූජාව මේ දක්වා කල්දමා ඇත්තේ ප්‍රදේශයේ පැවති අයහපත් කාලගුණය නිසා බවයි Deccan Chronicle වාර්තා කර සිටින්නේ.
රනිල් සැබෑ බෞද්ධයෙක් ද ?
වරෙක පුවත්පත් සාකච්ඡාවකට සහභාගිවෙමින් අගමැතිවරයා පවසා තිබුනේ 'තමන් බුදුදහමේ සූත්‍ර පිටකයෙන් තම ජීවිතය හැඩගස්වා ගැනීමේ ලා මහත් පිටිවහලක් ලබාගන්නා බවයි. එමෙන්ම තමන් සූත්‍ර පිටකය ඉතා ගැඹුරින් හදාරා ඇති බව' ඔහු එම සාකච්ඡාවේදී සඳහන් කර තිබිණි.
සෝතාපන්නයෙකු හෙවත් නිවන්මගට අවතීරණ වූ අයෙකු මුලින්ම අත්හළ යුතු පියවර තුන නම් විචිකිච්ඡාව හෙවත් සැකය, සීලබ්බත පරාමාස හෙවත් තම ආරක්ෂාව පතා ගස්-ගල්, පර්වත, ගින්න, යකුන්, දෙවියන් ඇදහීමෙන් වෙන්වීමයි. තෙවන කරුණ වන්නේ සක්කාය දිට්ඨිය හෙවත් තමන් යනුවෙන් කෙනෙක් නොමැති බව වටහා ගැනීමයි.
ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා සැබෑ ලිබරල්වාදියෙකු වන්නේ නූතන ලිබරල්වාදී න්‍යායන් හැදෑරීම තුළින් පමණක් බව පැහැදිලි වේ. සැබෑ ලිබරල්වාදියා න්‍යායෙන් මෙන්ම ප්‍රායෝගිකවද තමන් තුළ එකී ගුණාංග වගාදිගා කරගත යුතුය. රනිල් වික්‍රමසිංහ මහතා හින්දුවාදයත් බෞද්ධ දර්ශනයත් පටලවා ගැනීම හොඳාකාරවම පිළිබිඹු වන්නේ ඉහත කී දෙවොල් වන්දනාවෙනි. වික්‍රමසිංහ මහතා බුදුන් වදාළ ධර්මය සූත්‍ර පිටකය ඔස්සේ හෝ ගැඹුරින් හදාරා නැති බව මින් පිළිබිඹු වේ.
මහින්ද රාජපක්ෂ මහතා හෝ මෛත්‍රීපාල සිරිසේන මහතා මෙවන් දෙවොල් වන්දනාවන්හි යෙදීම යුක්තියුක්තය. මන්ද යත් ඔවුන් මිත්‍යාදෘෂ්ටික මඩ ගොහොරුවේ කරවටක් එරී සිටින පුද්ගලයන් වන හෙයිනි. අපගේ සංවේගය වන්නේ ජේ.ආර්. ජයවර්ධනටත් වඩා සැබෑ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙකු බව සියලු ගුරුකුල විසින් ඒකමතිකව පිලිගනු ලබන රනිල් ශිරාන් වික්‍රමසිංහ වැනි පුද්ගලයෙකු ජීවිතයේ සන්ධ්‍යා සමයේදී විඥානවාදී, බැතිබර උපාසකයෙකු වීමය.
මෙය කියවන රනිල්වාදියෙකු අපට බැන අඬගසනු ඇත්තේ 'ලොක්කට කැත විදියට ගහලා' කියාය. එවන් වූ අය සමග අපට සංවාදයක් නැත. නමුත් රනිල් වික්‍රමසිංහ මහතා තම ආස්ථානය අපට ගෙනහැර දක්වන්නේ නම් ඔහුව නිවැරදි කිරීමට හෝ නොඑසේ නම් අප නිවැරදිවීමට කැමති බව මෙහිලා දන්වා සිටිමු.
0 comments :
Post a Comment