පළාත් පාලන මැතිවරණය දිගින් දිගටම ප්‍රමාද කිරීම හරහා ඇමතිවරයා විශ්වාසය කඩකර ඇති බවයි ජවිපෙ පවසන්නේ. පළාත් පාලන ආයතන සීමා නිර්ණය සම්බන්ධයෙන් නිකුත් කර ඇති ගැසට් පත්‍රය දෝෂ සහිත බවට මේ වනවිට විවිධ පාර්ශ්වයන්ගෙන් ඇමතිවරයාට චෝදනා එල්ලවෙමින් පවතින අතර මේ වනවිට එම ගැසට් පත්‍රයට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ද ගොනුකර තිබේ.
මුස්තාපා මහතා පළාත් පාලන විෂය භාර අමාත්‍යවරයා පමණක් නොව ජනාධිපති නීතිඥවරයෙකු ද වන බව පෙන්වා දෙන විජිත හේරත් මහතා පවසන්නේ එවැනි වගකිවයුතු ඇමතිවරයෙකුට දෝෂ, අඩුපාඩු රහිතව ගැසට් පත්‍රයක් පවා නිකුත් කිරීමට හැකියාවක් නොමැති බවයි. ඒ නිසා ඔහු වගකිවයුතු ඇමතිධූරයක් දැරීම සඳහා නුසුදුස්සෙකු වන බැවින් ඔහු ඇමතිධූරයෙන් ඉවත් කළයුතු බව ජවිපෙ ප්‍රකාශ කරයි.
මෙම විශ්වාස භංග යෝජනාව සඳහා සහයෝගය ලබාදෙන ලෙස ජනතා විමුක්ති පෙමුණ, සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටී.
0 comments :
Post a Comment