ගෝඨා ගැන සරත් අමුණුගමගේ ආන්දෝලනාත්මක හෙළිදරව්ව.


හිටපු ආරක්ෂක ලේකම්වරයා කිසිඳු මූල්‍ය වංචාවකට සම්බන්ධ නොමැති බව අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.

අද(27) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

හිටපු ආරක්ෂක ලේකම්වරයා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවට මේ වන විට රට තුළ විශාල ආන්දෝලනයක් මතු වී ඇති බව පෙන්වා දුන් ඒ මහතා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් කිසිඳු සූදානමක් හෝ එවැන්නක් නොමැති බවයි.

එය විවිධ පුද්ගලයින් විසින් ගෙන යන අසත්‍ය ප්‍රචාරයක් බවද ඒ මහතා කියා සිටියේය.

එමෙන්ම හිටපු ආරක්ෂක ලේකම්වරයා අත්අඩංගුවට ගැනීමට කිසිඳු හේතුවක් නොමැති බව පෙන්වා දුන් ඒ මහතා කියා සිටියේ තමන් මේ පිළිබඳව සොයා බැලූ බවත්, ගෝඨාභය රාජපක්ෂ මහතා කිසිඳු පෞද්ගලික වාසියක් තකා එම මුදල් අවභාවිත කර නොමැති බවයි.

ඕනෑම ක්‍රියාවලියක් ආරම්භ කිරීමේදී ඇස්තමේන්තු ගත මුදලක් වෙන් කරන නමුත් එයට වඩා වැඩි මුදලක් අදාළ ක්‍රියාවලීන් සඳහා වියදම් වන බව  පෙන්වා දුන් ඒ මහතා කියා සිටියේ සමහර පිරිස් විසින් එවැනි ඇස්තමේන්තුවලින් පෞද්ගලික දෑ වෙනුවෙන් මුදල් වංචා කරන නමුත් මෙම සිද්ධිය තුළ එවැන්නක් සිදුව නොමැති හෙයින් ඇස්තමේන්තුවට වඩා ගිය වියදම පිළිබඳව පරිපාලනමය වශයෙන් ක්‍රියාත්මක විය හැකි බවයි.

මේ අතර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට දරණ උත්සහයට එරෙහිව රට තුළ විශාල සංවාදයක් ගොඩනැගෙමින් පවතින බව පිවිතුරු හෙල උරුමයද පවසයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment