පිළිගත් පක්ෂ ලෙස සලකුණු පක්ෂ 6කට.


මේ වසර සඳහා පිළිගත් දේශපාලන පක්ෂ වශයෙන් සලකුනු ලැබීම සඳහා ඉල්ලුම් පත්‍ර අනුදෙකක් ලැබි තිබු අතර ඒ සම්බන්ධයෙන් පවත්වන ලද පරීක්ෂණවලින් අනතුරුව දේශපාලන පක්ෂ හයක් පමණක් පිළිගත් දේශපාලන පක්ෂ වශයෙන් සලකනු ලැබීමට මැතිවරණ කොමිෂන් සභාව විසින් ඒකමතිකව තීරණ කර තිබේ.

එම දේශපාලන පක්ෂ හා ලකුණු මෙසේය එක්සත් ජාතික නිදහස් පෙරමුණ කෙසෙල් ඇවරිය ලකුණින්ද, එක්සත් වාමාංශික පෙරමුණ ඔරුව ලකුණින්ද, කම්කරු ජාතික පෙරමුණ දෑකැත්ත ලකුණින්ද, ජාතික සමගි පෙරමුණ කණ්නාඩිකුට්ටම ලකුණින්ද, යහපාලනය සඳහාවු ජාතික පෙරමුණ කොඩියුගල ලකුණින්ද, ශ්‍රී ලංකාවේ සමාජවාදි පක්ෂය බැලුනය ලකුණින්ද පිළිගෙන තිබේ.

මේ වසරේ ජනවාරි 30 දිනැති ගැසට් නිවේදනයේ සඳහන් පිළිගත් දේශපාලන පක්ෂ සංඛ්‍යාව හැටහතරකී. මේ අනුව මැතිවරණ කොමිෂන් සභාව විසින් දැනට පිළිගෙන තිබෙන මුළු දේශපාලන පක්ෂ සංඛ්‍යාව හැත්තෑවකි. 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment