බරපතල මුල්‍ය වංචා හොයන අලුත් අධිකරණයට එජාපයේ අනුමැතිය!

බරපතල මුල්‍ය වංචා හොයන අලුත් අධිකරණයට එජාපයේ අනුමැතිය!

පොලීසිය හා මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් දුෂණ හා වංචා පිළිබඳ පරීක්ෂණ 92ක් නිම කර නීතිමය පියවර ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇතත් නීතිපති දෙපාර්තමේන්තුවට මෙතෙක් නඩු පැවරීමට හැකි වී ඇත්තේ සිදුවීම් 13කට බව එක්සත් ජාතික පක්ෂය නිවේදනය කරයි.

දැනට ක්‍රියාත්මක අධිකරණ ව්‍යුහය තුළින් නඩුවක් විභාග කර අවසන් වීම සඳහා සාමාන්‍යයෙන් වසර 10ක් පමණ ගත වන අතර අභියාචනා වෙනුවෙන් තවත් වසර 7ක් පමණ ගතවන හෙයින් නඩු කඩිනමින් විභාග කිරීම සඳහා එම තීරණය ගත බව එජාපය පවසයි. ඒ අනුව,

01.සෑම දූෂණ විරෝධී මහාධිකරණයක් සඳහා විනිසුරන් තිදෙනෙකු පත් කිරීම,
02.මහාධිකරණයේ තීන්දු සඳහා සෘජුවම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනා ඉදිරිපත් කිරිමට අවකාශ සැලසීම.
03.නීතිපතිවරයාට වගකියන නඩු පැවරීමේ ඒකකයක් වෙනමම ඇති කිරීම යන තීන්දු වලට කෘත්‍යාධිකාරී මණ්ඩලය එළඹ තිබේ.

එමෙන්ම විෂයභාර අමාත්‍යවරුන් වන සාගල රත්නයක මහතා හා තලතා අතුකෝරළ මහත්මිය දූෂණ හා වංචා,පහර ගැනීම්, අතුරුදහන් කිරීම් හා ඝාතන පිළිබඳව පැවැත්වෙන නඩු හා පරීක්ෂණ පිළිබඳව මසකට වරක් සාකච්ජා කර කෘත්‍යාධිකාරී මණ්ඩලට වර්තාවක් ලබා දෙන ලෙස වැඩිදුරටත් එම නිවේදනයේ දැක්වෙයි.

ආශිකා බ්‍රාහ්මණ

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment