මහනුවර ජනපති මැදුරේදී සිදුව තිබෙන මෙම හමුව සෙංකඩගල ශ්‍රීලංකා නිදහස් පක්ෂ සංවිධායක,මධ්‍යම පළාත් කර්මාන්ත,ක්‍රීඩා හා වනිතා කටයුතු ඇමැති තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් සංවිධානය කරනු ලැබ තිබේ.
හිටපු පාර්ලිම්න්තු මන්ත්‍රී දිමුතු අබේකෝන් මහතා සමඟ මහනුවර මහ නගර සභාවේ හිටපු ජවිපෙ මන්ත්‍රී අනුර කුමාර ගෝනවල,පාතහේවා හැට ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී හේමන්ත කුමාර,සම්පත් තිලකසිරි යන අය මෙදින ශ්‍රීලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ලබා ගත් අතර ඔවුන් ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රීලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් තරඟ කිරීමට නියමිතය.
ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා දින නියම කිරීමෙන් පසු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන හිටපු මන්ත්‍රී පිරිසක්ද ශ්‍රීලංකා නිදහස් පක්ෂය හා එක් වීමට සූදානමින් සිටින බව තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.
මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති සරත් ඒකනායක,පළාත් මහමාර්ග හා විදුලිබල ඇමැති එදිරිවීර වීරවර්ධන යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගී වූහ.
නදීක දයා බණ්ඩාර - මහනුවර
0 comments :
Post a Comment