ඒකාබද්ධය අගමැතිකම හෝ විපක්ෂ නායකකම ඉල්ලයි.


අගමැති ධුරය හෝ විපක්‍ෂ නායක ධුරය දෙන්නේ නම් පමණක් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග සාකච්ඡා කිරීමට ඒකාබද්ධ විපක්‍ෂය ඊයේ (22) තීරණය කර ඇත.

මේ තීරණය ගෙන ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (22) පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය යහපාලන ආණ්ඩුවේ කොටස්කාරයකු ලෙස එක්සත් ජාතික පක්‍ෂය සමග කටයුතු කරන තුරු කිසිදු කරුණක් පිළිබඳව එම පක්‍ෂය සමග සාකච්ඡා නොකිරීමට ද මෙහිදී තීරණය කරන ලදැයි එකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරයෙක් පැවැසීය.

වත්මන් ආණ්ඩුව ගැන රටේ ජනතාව බරපපළ කළකිරීමට පත්ව සිටින අවස්ථාවක ඒ ආණ්ඩුවේ කොටස්කාරයන් වී සිටින ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග කටයුතු කිරීම ඵලක් නොවන බවද එම සාකච්ඡාවේදී තීරණය වී ඇත.

මේ සාකච්ඡාවේදී ගත් තීරණ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට දැනුම් දීම සඳහා සී.බී. රත්නායක, පවිත්‍රා වන්නිආරච්චි හා මහින්ද යාපා අබේවර්ධන යන මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත කමිටුවක්ද මෙහිදී පත්කරගෙන ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment