දුම්රිය රියදුරෙකුගේ මාසික වැටුප ලක්ෂ 02 ටත් වැඩියි?


දුම්රිය රියදුරෙකු අතිකාල දීමනාද සහිතව මසකට රුපියල් දෙලක්ෂ විසි හයදහසක වැටුපක් ලබාගන්නා බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා අද(11දා) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

එසේ තිබියදී මෙලෙස වැඩවර්ජනය කිරිම අසාධාරණ බවද අමාත්‍යවරයා සඳහන්කළේය.

දුම්රිය රියදුරන්ගේ පඩිය රුපියල් 10 000 න් වැඩිකළාම මේ අවුරුදු දෙකට රුපියල් 22 000 න් පඩිය වැඩිවෙලා තියෙනවා. 2020 වෙද්දි රුපියල් 54 000 න් පඩිය වැඩිවෙනවා. ඔවුන් අතිකාල දීනමා එක්ක මාසෙකට දෙලක්ෂ විසි හයදාහක්( 2 26 000 ) පඩිගන්නවා. සමහර අය දෙලක්ෂයක් , එක්ලක්ෂ හැත්තැපන්දහසක් ගන්නවා. දුම්රිය රියදුරෙක් පැය අටත් වැඩකරනවා. පැය නවයක් විවේක කාලයක් තිබෙනවා. ඒ විවේක කාලය පැය නවයට එක පැයකට පැය එකහාමාර ගානේ පැය 600 ක් අතිකාල ගන්නවා.

දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශයට පත්කරමින් ජනාධිපතිවරයා විසින් නිතුක්කරන ලද ගැසට් නිවේදනය පිළිබඳ විවාධයට එක්වෙමින් අමාත්‍යවරයා පාර්ල්මේන්තුවේදී මේබව කීවේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment