නාමයෝජනා දුන් නිසා අද සිට මේවා තහනම්!


නාමයෝජනා බාරදීම අද (11දා) සිට ආරම්භ වී තිබෙන බැවින් මැතිවරණ ප්‍රචාරක පෙළපාළි හා රථ පෙළපාළි ශබ්ද විකාශන යන්ත්‍ර යොදාගෙන ප්‍රචාරක කටයුතු සපුරා තහනම් බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

මෙම නීති උල්ලංඝනය කරන සියලුම දෙනා අත්අඩංගුවට ගෙන නීති මගින් කටයුතු කරන බවත්, ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීමට හැකිවන්නේ ප්‍රචාරක රැස්වීම් භූමියේ පමණක් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අද (11දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.

රැස්වීම් භූමි තුළ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීමට අදාළ පොලිස් ස්ථානයෙන් බලපත්‍රයක් ලබාගත යුතු බවද හෙතෙම පවසා සිටියේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment