ඇමරිකාවේ නගරයක් මීටර 1.3 ක (අඟල් 58 ක) හිම තට්ටුවක් යට!

ඇමරිකාවේ නගරයක් මීටර 1.3 ක (අඟල් 58 ක) හිම තට්ටුවක් යට!

නත්තල් දින මේ නගරයට අඟල් 34 ක හිම පතනයක් ලැබුණි. එය පසුගිය නත්තලේ හිම පතනය මෙන් සිව් ගුණයකි. තවද මීට පෙර මෙම නගරයට වැඩිම හිමපතනයක් වාර්තා වී තිබුණේ 1956 නොවැම්බර් 22 වැනිදා ය. එය ද අඟල් 20 කි. ඒ අනුව මෙම නගරයෙන් මෙසේ වාර්තා වන්නේ ඉතිහාසයේ එක් දිනයක් තුළ ලැබුණු වැඩිම හිම පතනය පිළිබඳ වාර්තාවයි.

මේ අතර මේ වසරේ නත්තලට පසු දා එනම් ඊයේ දිනයේ හිම පතනය අඟල් 24.5 ක් විය. නගරය දෙදිනක් ඇතුළත මීටර 5ක හිම තට්ටුවකින් වැසී ගියේ මේ අනුව ය. පෙන්සිල්වේනියා ජනපදයම සැලකුවහොත්, මෙය ද වාර්තාවකි.

මේ අතර නත්තල් දින රාත්‍රියේ හමා ආ කුණාටුවක් නිසා මෙම හිම කඳේ උස අඟල් 62 දක්වා තවදුරටත් ඉහළ ගිය බව ද ජාතික කාලගුණික සේවය පවසයි.

මෙවැනි කාලගුණයක් යටතේ මෙතරම් දරුණු හිම පතනයක් ලැබීමේ සංසිද්ධිය lake-effect snow යනුවෙන් හැඳින්වේ. ශීතල කාලගුණයක් පවතින පරිසරයකදී ශීතල වායු ස්කන්ධ, උණුසුම් ජලය සහිත විල් වැනි උණුසුම් ජල තලයන් මතින් ඇදී යාමේදී පහළ වායු ස්කන්ධ කොටස්වල උණුසුම ජලතලයේ උණුසුම නිසා ඉහළ යයි. එවිට වැඩි ජලවාෂ්ප ප්‍රමාණයක් එම වායු ධාරාව මගින් ඉහළට ඇද ගනියි. ඉන්පසු එම ජලතලයේ ජලවාෂ්ප ද ක්‍රමයෙන් සිසිල් වෙමින් හිම බවට පත්වෙමින් ශීතල වායු ධාරාව සමගම ගමන් ගනියි. මෙහි ප්‍රතිඵලය වන්නේ පෙර කී උණුසුම් ජලාශවල තිබෙන ජලය ප්‍රමාණය ද හිම බවට පත්වීම හිම වැස්සක් වශයෙන් පතිත වීමයි. මෙහිදී ද සිදුව තිබෙන්නේ එම සංසිද්ධියයි.

ඊරි නගරයට ඇද හැළුණු මහා හිම වැස්සට වගකිවයුත්තේ මේ අනුව ඊරි විලයි. ඊරි විල, උතුරු ඇමරිකාවේදී අපට හමුවන පංච මහා විල් අතරින් එකකි. කැනඩාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර අන්තර්ජාතික දේශසීමාවේ පිහිටා තිබෙන ඊරි විල නයගරා ගංගාවෙන් පෝෂණය ලබන අතර එහි දිග සැතපුම් 241 ක් හා පළල සැතපුම් 57 ක් වේ. ඊරි විලේ බටහිර කොටස අයත් වන්නේ ඊරි නගරය ද අයත් පෙන්සිල්වේනියා ජනපදයට ය.

-අමාලි ජයවීර

අවුට් බවුන්ඩ් ටුඩේ | outboundtoday.com

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment