යුරෝපා තහනම ඉවත් කිරීමෙන් පසු මත්ස්‍ය අපනයනයේ 45.9% ක වර්ධනයක්!

යුරෝපා තහනම ඉවත් කිරීමෙන් පසු මත්ස්‍ය අපනයනයේ 45.9% ක වර්ධනයක්!

 

යුරෝපා සංගමය විසින් එම සංගමයට අයත් රටවලට මෙරට මත්ස්‍ය අපනයනය සඳහා පනවා තිබු තහනම ඉවත් කරන ලද්දේ 2016 ජුනි මස 22 වෙනිදාය. එතෙක් 2105 ජනවාරි සිට වසර එකහමාරක කාලයක් තහනම බලපැවැත්වු අතර, එමගින් රුපියල් කෝටි 1800ක පාඩුවක් ශ්‍රී ලංකාවට සිදුවී තිබුණි.

 2017 ජනවාරි මස සිට සැප්තැම්බර් මාසය දක්වා කාලය තුළ මෙරටින් යුරෝපා සංගමයට අයත් රටවලට අපනයනය කරන ලද මසුන් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 18,262ක් වන අතර එහි එහි සමස්ත වටිනාකම රු. මි. 28,685කි.

මෙම කරුණු අනාවරණය කරන ලද්දේ ඊයේ (26) ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග අමාත්‍යංශ නිලධාරීන් කරනු ලැබූ සාකච්ඡාවේදී ය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment