නාඩුවලට උපරිම මිලක් : වැඩියෙන් වික්කොත් නඩු.

දේශීය සහ ආනයනික නාඩු සහල් සඳහා උපරිම සිල්ලර මිල කී නියම කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ.

මේ පිළිබඳ ගැසට් පත්‍රය ඊයේ දිනයේ දී ප්‍රකාශයට පත් කෙරුණු අතර ඒ අනුන නාඩු සහල් කිලෝ ග්‍රෑම් 1 ක උපරිම සිල්ලර මිල රු. 74/- ක් බවට ප්‍රකාශයට පත් කර ඇත.

ගැසට් පත්‍රයේ සඳහන් උපරිම සිල්ලර මිලට වඩා ඉහළ මිලකට වෙළෙඳාම් කිරීම, වෙළෙඳාම් කිරීම සඳහා ඉදිරිපත් කිරීම, වෙළෙඳාම සඳහා ප්‍රදර්ශනය කිරීම නොකළ යුතු බවට පාරිභෝගික කටයුතු අධිකාරිය අවධාරණය කර සිටී.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment