සුනාමී (Tsunami) යනු ජපන් වචනයකි. ජපන් භාෂාවෙන් සූ (Tsu) යනුවෙන් හදුන්වන්නේ වරායයි. තරංගය, නාමී (Nami) යනුවෙන් හදුන්වයි. මේ අනුව වරාය තරංගය යන අරුත, සුනාමී යන්නෙහි ගැබ් වී ඇත. භූකම්පන මෘදු තරංගයක් (Seismis Sea Wave) ලෙසද සුනාමිය හැදින්විය හැකිය. මේ අනුව බලන කල උදම් රළ (Tidal Wave) යනුවෙන් සුනාමිය හැදින්වීම වැරදි සහගතය. සුනාමිය, උදම් රළ යනුවෙන් අර්ථ දක්වන්නේ මුහුද ගොඩ ගැලීම, දැවැන්ත රළ, ආදිය සැලකිල්ලට ගනිමිනි.
සුනාමී තත්ත්වයක් ඇති වීමට බලපාන ප‍්‍රධානතම කරුණු 04 ක් ඇත. සාගර පතුලේ ඇතිවන භූමි කම්පාවක්, විශාල වශයෙන් සිදුවන න්‍යාය යෑමක්, මුහුද යට ගිනිකඳු පිපිරීමකින් ඇතිවන ලාවා නිකුත් වීමක් හෝ උල්කාපාත හෝ හිමකඳු සාගරයට කඩා වැටීමකිත් සුනාමි තත්ත්වයක් ඇතිවිය හැකිය. සුනාමි තත්ත්වයන් වැඩි වශයෙන් ඇති වී ඇත්තේ මුහුද යට ඇතිවන භූමි කම්පා හේතුවෙනි. 1958 දී ඇලස්කාවේ ලිතියාවේ කඳු නාය යෑමකින් සුනාමි තත්ත්වයක් ඇති වී තිබේ. මෙයට වසර කෝටි 10 කට පමණ පෙර දැවැන්ත ග‍්‍රාහකයක් කඩාවැටීමෙන් ඩයිනෝසරයන් වැනසුණ බවද විද්‍යාඥයින්ගේ මතයයි.
සුනාමිය හා බැඳුණු මත
මීට වසර 2500 කට පමණ පෙර රාම – රාවණා යුද්ධයේදී දරුණු යුද්ධ උපකරණ භාවිතා කිරිම හේතුවෙන් හිමකඳු දියවී ගොස් මුහුද ගොඩ ගැලීමක් සුදුවූ බව සදහන් වේ. මේ හේතුවෙන් ගම්මාන 470 ක් හා වරායවල් 970 ක් විනාශ වූ බවද රාජාවලියේ සදහන්ය. වසර 2000 කට පමණ පෙර කැළණිතිස්ස රජු විසින් භික්ෂුවක් මරාදැමීම හේතුවෙන් ඇති වූ සාපයෙන් මුහුද ගොඩගැලිමක් සිදුවු බව මහාවංශයේ සදහන්වේ. ක‍්‍රි.පූ. 500 දී පමණ ස්කොට්ලන්තයේ සුනාමී බලපෑමක් සිදුවු බව පැරණි පොත පතේ සදහන්ය. රටමැද විශාල ජල ඝනත්වයක් සහිත විලක වුවත් සුනාමී තත්ත්වයක් ඇතිවිය හැකිය. නමුත් 2004 ඇති වූයේ ලොව විශාලතම සුනාමියක් නොවන බවද සාගර විද්‍යාඥයින්ගේ මතයයි.
අතීතයේ සුනාමි මගින් සිදුව ඇති හානි
1755.11.01 දින පෘතුගාලයේ ලිස්බන් වල ඇතිවූ උසින් මීටර් 10 ක් වූ සුනාමියක් හේතුවෙන් මිනිසුන් 30,000 ක් මියගොස් තිබේ. 1883.08.06 දින ඉන්දුනීසියාවේ ඇතිවූ උසින් මීටර් 35 ක් වූ සුනාමියෙන් මිනිසුන් 36,000 ක්ද 1896.07.15 දින මීටර් 29 ක් උසින් ජපානයේ ඇතිවූ සුනාමියෙන් මිනිසුන් 27,000 ක්ද මියගොස් ඇත. 1933.03.12 දින ජපානයේ ඇති වූ සුනාමියෙන් පුද්ගලයින් 3000 ක්ද මියගොස් ඇත. එම සුනාමිය උසින් මිටර් 20 කි. 1946.04.01 දින උසින් මීටර් 15 කින් යුතුව ඇලස්කාවේ ඇතිවු සුනාමියෙන් මිනිසුන් 179 දෙනෙක්ද, 1960.03.22 දින චිලියේ උසින් මීටර් 8.4 කින් යුතුව ඇතිවු සුනාමියෙන් මිනිසුන් 1250 ක්ද, 1996.07.12 දින උසින් අඩි 12 කින් යුතුව පැපුවානිව්ගිනියාවේ ඇතිවූ සුනාමියෙන් මිනිසුන් 3000 ක්ද මියගොස් තිබේ.
මෙයට අමතරව 1929.11.18 නවසීලන්තය, 1952.11.04 රුසියාව, 1958.07.09 රුසියාව, 1974,03.24 ඇලස්කාව, 1976.08.16 පිලිපීනය, 1992.09.01 නිකරගුවාව, යන රටවලද පෙරකී තරමේ ජීවිතහානී සිදුනොවූ සුනාමි තත්ත්වයන් ඇතිවී තිබේ. මෙයින් 1883 ඉන්දුනීසියාවේ සුනාමිය ගිනිකන්දක් පිපිරීමෙන්ද 1958 රුසියවේ සුනාමිය න්‍යාය යෑමකින්ද සිදුව තිබෙන අතර අනෙක් සියළු සුනාමී තත්ත්වයන් ඇතිවී ඇත්තේ භූමිකම්පා හේතුවෙනි. මෙයට අමතරව 1956 දී හා 1979 දී චීනයේ ඇතිවූ සුනාමී තත්ත්වයන් දෙකක් හේතුවෙන් පිළිවෙලින් ලක්ෂ 08 ක් හා ලක්ෂ 06 මිනිසුන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
2004 සුනාමියෙන් රටවල් 11 කට හානි සිදුව තිබේ. මෙය රිට්ටර් මාර්පකයේ 9.3 ක් ලෙසින් සටහන් විය. මෙයින් වැඩිම ජීවිතහානී සිදුවූයේ ඉන්දුනීසියාවටය. එම රටේ මිනිසුන් 2,37,071 ක් මියගිය අතර 1,13,937 ක් අතුරුදන් විය. දෙවැනි වැඩිම විනාශය සිදුවූයේ ශ‍්‍රී ලංකාවටය. ලංකාවේ මිනිසුන් 30,957 ක් මියගිය අතර 4698 ක් අතුරුදන් විය. ඉන්දියාවේ මියගිය සංඛ්‍යාව 16389 කි. එහි 5554 ක් අතුරුදන් වී තිබේ. තායිලන්තයේ 5393 ක් මියගිය අතර 2994 ක් අතුරුදන් විය. මාලදිවයිනේ 82 නෙක් මියගොස් 26 දෙනෙක් අතුරුදන් වූ අතර මැලේසියාවේ 68 දෙනෙකු මියගොස් තිබේ. මියන්මාරයේ 61 දෙනෙක්ද, බංගලාදේශයේ 02 නෙක්ද, කෙන්යාවේ 01 අයෙන්ද මියගොස් තිබේ. සියළු රටවල්හි අතුරුදන් වූ ප‍්‍රමාණය 1,27,209 ක් වන අතර ඉතා සුළු පිරිසක් හැර මෙයින් බහුතරයද ජීවිතක්ෂයට පත්වන්නට ඇතැයි සිතිය හැකිය. කුඩා දරුවන් යම් ප‍්‍රමාණයක් වෙනත් පුද්ගලයින් අතට පත්ව හැදී වැඩෙන්නට පුළුවන.
ලංකාවට සිදුව ඇති හානිය
මෙයින් ශ‍්‍රි ලංකාවේ අම්පාර, ගාල්ල, කළුතර, මාතර, හම්බන්තොට, යාපනය, මඩකලපුව, ත‍්‍රිකුණාමලය යන දිස්ත‍්‍රික්කයන්හි මිනිසුන් 30,957 ක් මියගොස් 4698 ක් අතුරුදන් විය. තුවාලලැබූ පිරිස 21,441 කි. ළමයින් 3954 කට මව හෝ පියා අහිමි වූ අතර ළමුන් 979 කට මව හා පියා යන දෙදෙනාම අහිමි විය. සුනාමියෙන් දිවයින පුරා නිවාස 41000 ක් සම්පූර්ණයෙන්ම විනාශ වූ අතර 29500 ක් නිවාස අර්ධ වශයෙන් හානියට පත්විය. අවතැන් වූ සංඛ්‍යාව 80,000 ක් විය. පාසැල් 152 ක් හා පාලම් 10 ක් විනාශයට පත්විය. දුම්රිය මාර්ගයේ කිලෝ මීටර් 160 ක් විනාශ වූ අතර කිලෝ මීටර් 7000 ක් පමණ විදුලි රැුහැන් විනාශයට පත්විය. මෙම විදුලි රැුහැන් වල වටිනාකම රුපියක් බිලියන 12 කි. ඔරු, බෝට්ටු 15300 ක් විනාශයට පත්වූ අතර විනාශ වූ මාදැල් වල වටිනාකම රුපියල් දස ලක්ෂ ගණනකි. සුනාමී ව්‍යසනය හේතුවෙන් රුපියල් 5000/- රජයේ දීමනාව පමණක් 2,34,000 කට ලබාදී ඇත. ධීවර, සංචාරක මෙන්ම වෙරළ ආශ‍්‍රිත සුළු හා මධ්‍යම පරිමාණයේ කර්මාන්ත රැුසක් විනාශයට පත් වූ අතර එහි සමස්ථ වටිනාකම රුපියල් බිලියන 25 කට අධිකය.
බෞද්ධ විහාරස්ථාන 79 ක් විනාශයට පත්විය. ඒ ගාල්ල 32 ක්, මාතර 22 ක්, හම්බන්තොට 14 ක්, කළුතර 05 ක්, කොළඹ 03 ක්, ගම්පහ 01 ක් හා ත‍්‍රිකුණාමලයේ 02 ක් වශයෙනි. මෙයින් වැඩිම විහාරස්ථාන සංඛ්‍යාවක් විනාශයට පත්ව තිබුණේ ගාල්ල දිස්ත‍්‍රික්කයේය. එයින් විහාරස්ථාන 14 ක් බළපිටිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත්ය. මුස්ලිම් පල්ලි, ක‍්‍රිස්තියානි දේවස්ථාන, සුරුවම්, කෝව්ල් හා හින්දු දේවස්ථානද විශාල වශයෙන් විනාශයට පත්විය.
සුනාමි ව්‍යසනයෙන් එකම ස්ථානයේ විශාල පිරිසක් මියගියේ කොළඹ සිට ගාල්ල බලා ධාවණය වූ දුම්රියේදීය. මෙයින් දුම්රිය මැදිරි 08 ක සිටි මගීන් 1700 කට අධික ප‍්‍රමාණයක් මියගොස් තිබූ අතර 100 කට පමණ තුවාල සිදුවිය. යම් පිරිසක් දිවිගලවාගැනීමටද සමත්ව ඇත. ලෝක ඉතිහාසයේ දුම්රියක් හා සම්බන්ධ අනතුරකදී වැඩිම පිරිසක් මිනිසුන් මියගොස් ඇත්තේ මෙම දුම්රිය අනතුරෙනි. එය 2004 ශ‍්‍රි ලංකා සුනාමී දුම්රිය ව්‍යසනය නමින් හදුන්වයි.
සුනාමි ව්‍යසනයෙන් අපරට ගොඩගන්නට රටවල් 50 ක් ආධාර කර තිබේ. එයට අමතරව ස්වේච්ඡා සංවිධාන මෙන්ම විදෙස් රටවල සිටින ශ‍්‍රී ලංකිකයින්ද විශාල වශයෙන් අධාරකර තිබේ. ලැබුණු ආධාර ප‍්‍රමාණය රුපියල් කෝටි 25,000/- කට අධිකය.
අද දවසේදී වැදගත් වන්නේ ඒ උගත් පාඩම් හමුවේ ඉදිරියේදී මෙවන් දෙයකදී ජිවිත දේපල රැකගැනීමට අදාලව කටයුතු කරන්නේ කෙසේද යන්නයි. නමුත් අද වන විට දේශපාලන ආශීර්වාද හමුවේ සිදුවන ගොඩනැගිලි ඉදිකිරීම, ගංගා වැව් ආදියේ පතුල හාරා වැලිගැනීම, මුහුදුබඩ ගොඩබිම් හාරා වැලිගැනීම, හිරිගල් කොරල්පර කැඞීම, විශාල වශයෙන් කැලෑ එලිකිරීම හමුවේ සුනාමි ව්‍යසනයක් අවොත් කෙසේ ආරක්ෂා විය හැකිද යන්න ප්‍රශ්නයක් බවට පත් වී ඇත.
ව්‍යයසනවලදී ධනපතියන් වුවන් සිටිනවා සේම අදටත් ඒවායින් අසරණ වුවන් සිටිති. කිසිවකින් නැති වන ජිවිත ලබා දිය නොහැකිය. එම නිසා පරිසරය ආරක්ෂා කිරිම සදහා රටේ තිබෙන නීති ප‍්‍රමාණවත්ද යන්න සුනාමියට වසර 13 ක් සපිරෙන මේ මොහොතේ යුතුය.
අශ්වරු
0 comments :
Post a Comment