අඩ නිරුවත් කතක් වතිකානුවේදී ජේසු බිළිඳා පැහැරගන්න හදලා


කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටි කතක්, උඩුකය නිරුවත්ව 'දෙවියන් යනු ගැහැණියක්' යනුවෙන් තම පිටේ සටහන් කර ගනිමින් ජේසු බිළිඳා පැහැර ගැනීමට ගත් උත්සාහයක් පොලීසියේ මැදිහත් වීමෙන් වළක්වාගෙන තිබේ.



වතිකානුවේ, ශාන්ත පීතර චතුරස්‍රයේ සාමාන්‍ය මනුෂ්‍යයන්ගේ ප්‍රමාණයටම සකසා තිබූ ජේසු බිළිඳාගේ උප්පත්ති කතාව දැක්වෙන මූර්ති නිර්මාණයේ තිබූ ජේසු බිළිඳාගේ මූර්තිය මෙම ක්‍රියාකාරනිය විසින් ඩැහැ ගැනීමට උත්සාහ කර තිබුණේ නත්තල් දිනයේදීය.


සිද්ධිය ඇසින් දුටුවන් පවසා තිබුණේ විරෝධතාවක නිරත වෙමින් සිටි මෙම කාන්තා ක්‍රියාකාරිනියන්ගෙන් අයෙක් ආරක්ෂක වැට පනිමින් එම මූර්තිය වෙත වේගයෙන් දිවගිය බවයි.

මේ අවස්ථාවේදී එහි ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් ඇය පසුපස බිම වැටෙමින් දිව ගිය බවත්, කෙසේ හෝ ඇය ජේසු බිළිඳාගේ ප්‍රතිමාව අතට ගන්නවාත් සමගම පොලීසිය විසින් ඇය අත්අඩංගුවට ගත් බව ඔවුහු වැඩිදුරටත් පවසති.

ශාන්ත පීතර චතුරස්‍රයේදී පාප් තුමන් විසින් සිය සාම්ප්‍රදායික නත්තල් දින පණිවුඩය ප්‍රකාශයට පත්කිරීමට පැය කිහිපයකට පෙර මෙම සිදුවීම සිදුව තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment