පෝස්ටර්, කටවුට් ඉවත් කිරීමට පොලීසියෙන් මෙහෙයුමක්

පෝස්ටර්, කටවුට් ඉවත් කිරීමට පොලීසියෙන් මෙහෙයුමක්
මැතිවරණ නීතිය අනුව අපේක්ෂකයන්ට සිය ප්‍රචාරක පුවරු සහ පෝස්ටර් ප්‍රදර්ශනය කළ හැක්කේ මැතිවරණ කාර්යාල සහ අපේක්ෂකයන්ගේ නිවෙස්වල පමණි. අනෙක් සියලු ප්‍රචාරක ද්‍රව්‍ය ඉවත් කරන බවයි පොලීසිය පවසන්නේ.
 
මේ වනවිට පෝස්ටර් ඇලවීම සම්බන්ධයෙන් පුද්ගලයන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලීසිය පවසයි.
 
මැතිවරණ නීති උල්ලංගනය කරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට සහ අපේක්ෂකයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කර ඇති අතර ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට ද කටයුතු කරන බවයි වාර්තා වන්නේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment