තමන් සෞඛ්‍ය අමාත්‍යංශය භාරගැනීමට පෙර එක් පිළිකා රෝගියෙකුට ප්‍රතිකාර සඳහා වැයකරන මුදල රුපියල් ලක්ෂ 15 කට සීමා කර තිබූ බවත් එහෙත් තමන් එම සීමාව ඉවත් කර රෝගය සුවවනතෙක් හෝ ජීවිතාන්තය දක්වා හෝ නොමිලේ ප්‍රතිකාර ලබාදීමට පියවර ගත් බව අමාත්‍යවරයා පවසයි. පසුගිය වසර 3 ක කාලය තුළ සමහර රෝගීන් වෙනුවෙන් ඇතැම් විට රුපියල් ලක්ෂ 180 - 200 ක තරම් මුදල් වැය කර ඇති බවද සේනාරත්න මහතා පෙන්වා දෙයි. ගතවූ වසර 03තුල රෝගීන් 1285 කට නොමිලේ ප්‍රතිකාර කර ඇති අතර, ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 4727 කි.
පිළිකා ඖෂධ මිල ඉතා අධික වන අතර ඒ සඳහා අමාත්‍යංශය මගින් ලබාදුන් ටෙන්ඩරවල තිබූ දුෂණ, වංචා නතර කිරීමට තමන් පියවර ගත් බවත්, සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි. ඇතැම් පිළිකා ඖෂධ රුපියල් 285,000 කට ලංකාවට ආනයනය කළ අතර එය මේ වනවිට රුපියල් 165,000 ක උපරිමය දක්වා මිල අඩු කර ඇති තිබේ. මෙම ඖෂධය රුසියාවෙන් රුපියල් 141000 කට ආනයනය කරන බවත් එම මුදලටත් වඩා අඩු ඖෂධයක් ඉදිරියේදී ආනයන කිරීමට කටයුතු කරන බවමත් සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා මේ බව ප්‍රකාශ කළේ සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය සමග පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි. සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පසුගියදා මෙම සාකච්ඡාව පැවැති අතර, මෙහිදී වෘත්තීය සමිති මුහුණ දී ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කරන ලදි. අහිංසක රෝගී ජිවිත සමග සෙල්ලම් කරමින් වෘත්තීය ඉල්ලීම් දිනා ගැනීමට වඩා සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසඳා ගැනීම වැදගත් බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම රැස්වීමේ දී ප්‍රකාශ කරන ලදී.
0 comments :
Post a Comment