විමල්ට එරෙහි අල්ලස් හෝ දූෂණ නඩුවේ මුල් නඩු ගොනු ඉල්ලයි

විමල්ට එරෙහි අල්ලස් හෝ දූෂණ නඩුවේ මුල් නඩු ගොනු ඉල්ලයි

 

2009 ජනවාරි 01 දා සිට 2014 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ අවධියේදී තම ආදායමින් උපයාගත නොහැකි රුපියල් මිලියන 75ක් පමණ වටිනා දේපළ, මුදල් උපයාගත් බවට විමල් වීරවංශට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් චෝදනා එල්ල කර තිබිණි. සිද්ධීන් 39ක් යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම අධිචෝදනා ගොනුකර ඇති අතර අල්ලස් පනතේ 23 වන වගන්තිය ප්‍රකාර වරදක් කර ඇති බවට සඳහන් කර තිබේ.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කලුආරච්චි ඉදිරියේදී විභාගයට ගැනුණු අතර එහිදී මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති මුල් නඩු ගොනු මහාධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කෙරිණි. නඩුව ජනවාරි මස 11 වන දිනට කල් තැබිණි.

- රංජිත් නිශාන්ත

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment