හෙට (5) නැවත තද සුළං වැසි ඇතිවන බව කාලගුණේ කියයි

අද(04) මධ්‍යහන 12 ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනයා නිකුත් කළ අනාවැකිය
අනුව දිවයිනට කි.මී. 1300 පමණ දුරින් ගිණිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වී ඇති අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 ඇතුලත පීඩන අවපාතයක් දක්වා වර්ධනය වන ලකුණු තිබෙන බව සඳහන් කර තිබේ.
ඒ හේතුවෙන් ඉදිරි දිනවලදී

(විශේෂයෙන් හෙට දිනයේ සිට) දිවයින හරහා සහ දිවයින අවට මුහුදු
ප්‍රදේශවල (විශේෂයෙන් උතුරු, නැගෙනහිර සහ දකුණු මුහුදු ප්‍රදේශ) සුළගේ වේගය වැඩි වීමේ
හැකියාවක් පවතින බව එහි දැක්වේ.
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව සහ සෙසු ප්‍රදේශ වල සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වනු ඇතැයි එහි දැක්වේ.
නැගෙනහිර, උතුරු, උතුරු-මැද, ඌව සහ මධ්‍යම පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රීක්කයේ ඇතැම්
ස්ථානවලට සාමාන්‍යයෙන් තද වැසි(මි.මි. 75 වැඩි) ඇතිවනු ඇතැයි අපේක්ෂා කරන බවත් නවතම
නිවේදනයේ සඳහන් වෙයි.
බස්නාහිර,සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රීක්කවලත් විටින් විට හමන
(පැ.කි.මී. 50 ක්පමණ)තරමක් තද සුළං බලාපොරොත්තුවිය හැකි බවද දන්වා ඇත.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව පවසන
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා
ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment