රුසියාව එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙක් බාගනී !

රුසියාව එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙක් බාගනී !

 

බොහෝ දෙනෙකු සිතා සිටින්නේ රුසියාව විසින් ශ්‍රී ලංකාවට තේ අපනයන තහනමක් පැනවූයේ තේ ඇසුරුම් බහාලුමක සිටි කුරුමිණියකු නිසා බවය. එහෙත් තේ තහනමට මූලික හේතුව වූයේ මැනෝකින් ෆැර්ඩෝව් නම් රහස් ඔත්තුකරුවා පිළිබඳ ප්‍රශ්නයයි. රුසියානු ජාතික මැනෝකින් ෆැර්ඩෝව් ජාත්‍යන්තර මූල්‍ය අපරාධකරුවකු වශයෙන් නම් කොට ඇමරිකාව විසින් ඔහුව අත් අඩංගුවට ගෙන තමන්ට භාර දෙන්නැයි ශ්‍රී ලංකාවෙන් ඉල්ලා තිබිණි. ඒ මොහොතේ රුසියාව විසින් ද ඔහුව තමන්ට භාරදෙන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීම් කර තිබිණි. "ඇමරිකාව සහ රුසියාව අතර රාජ්‍යතාන්ත්‍රික අර්බුදයකට ශ්‍රී ලංකාව මැදිවෙයි" මැයෙන් ලංකා නිව්ස් වෙබ් අපි මේ පිළිබඳව හෙළිදරව් කළෙමු.

මෙම මැනෝකින් නමැත්තා ඇමරිකානු ජනාධිපතිවරණයේදී රුසියාව විසින් යෙදවූ සයිබර් අපරාධකරුවකු ලෙස ක්‍රියා කළ බවට ද තොරතුරු වාර්තා වී තිබිණි. එහෙයින් ඇමරිකාවට දැඩි ලෙස අවශ්‍ය වී තිබුණේ ඔහුව ශ්‍රී ලංකා රජය ලවා තම රටට ගෙන්වා ගැනීමටය. ඔවුන් ඒ සඳහා ජාත්‍යන්තර රතු වරෙන්තුවක් ද ලබාගෙන තිබිණි. ශ්‍රී ලංකා රජය විසින් ඔහුව අත් අඩංගුවට ගත් නමුත් ඇමරිකාවට භාර කෙරුණේ නැත.

රුසියානු තේ තහනම කරළියට ආවේ මේ අතරය. රජය මුලින්ම ඒ සඳහා ඇස්බැස්ටෝස් ආනයන තහනම ඉවත් කර මුට්ටිය දමා බැලුවේය. ශ්‍රී ලංකාවේ ප්‍රධානම ඇස්බැස්ටෝස් ආනයනකරු වූයේ රුසියාවයි. එහෙත් සාර්ථක වූයේ නැත. අවසානයේ මැනෝකින් නම් රුසියානුවා ආපසු රුසියාවට යැවීමට රජයේ ඉහළම බලවතෙක් මැදිහත් වී තිබේ. ඒ බව ආගමන විගමන නිලධාරීන් ද තහවුරු කරති. තේ තහනම ඉවත් වන්නේ ඔහු ආපසු රුසියාවට ගිය පසුය. රුසියාව මේ තේ තහනම හරහා තම ඔත්තුකරුවාත් ආපසු ලබාගෙන ඇස්බැස්ටෝස් තහනමත් ඉවත් කරගෙන ඇත.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ඇමරිකාව පසුවන්නේ ශ්‍රී ලංකාව සමඟ දැඩි කෝපයෙනි. ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිවරයාගේ දැඩි දෝෂදර්ශනයට නීතිය හා සාමය පිළිබඳ ඇමති සාගල රත්නායක සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලක්වී තිබේ.

සබැඳි පුවත් -

ඇමරිකාව සහ රුසියාව අතර රාජ්‍යතාන්ත්‍රික අර්බුදයකට ශ්‍රී ලංකාව මැදිවෙයි

ඇමරිකාව ඉල්ලන රුසියානු ජාතිකයා පෞද්ගලික රෝහලකදී අත් අඩංගුවට

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment