පෙරහැර සඳහා අලි ඇතුන් ලබාදීමට විධිමත් වැඩපිළිවෙලක්

පෙරහැර සඳහා අලි ඇතුන් ලබාදීමට විධිමත් වැඩපිළිවෙලක්
සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඉංගිරිය ඉමගිර ශ්‍රී විජය බෝධිරාජ බෞද්ධ විහාරස්ථානයේ 20 වන වරටත් පවත්වන ලද මිහිදු මහා පෙරහැර ඊයේ (24) වීදි සංචාරය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහිදී සාධාතුක කරඬුව තැන්පත් කිරීම ද සිදු වූයේ සෞඛ්‍ය අමාත්‍යවරයා අතිනි. සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් පෙරහැරට එක්ව සිටි නර්තන ශිල්පීන්ට සහතික පත්‍ර ප්‍රදානයක් ද සිදු කරන ලදී.
 
විද්‍යාත්මක දර්ශනයක් වන බෞද්ධ දර්ශනය ආරක්ෂා කිරීම වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා මෙන්ම බෞද්ධයන් ලෙස අප සියලු දෙනා උදව් කළයුතු බවත් බෞද්ධ පෙරහැර මේ වනවිට ලොව පුරා දැඩි ඉල්ලුමක් සහිත ලාංකීය සංස්කෘතිකාංගයක් වී ඇති බවත් ඇමතිවරයා සඳහන් කළේය. ඉංග්‍රීසි ජාතීන් පවා ඔවුන් ලංකාව පාලනය කරන කාලයේදී බෞද්ධ පෙරහැර සඳහා අනුග්‍රහය දක්වා ඇති බව ද සේනාරත්න මහතා පවසයි. 
 
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,
 
'පෙරහැර පැවැත්වීමේ දී අලි ඇතුන් සපයා ගැනීම ගැටලුවක්. අලි ඇතුන් සංරක්ෂණය කළ යුතු බව පරිසර සංවිධාන පෙන්වා දෙනවා. නමුත් අපගේ සංස්කෘතික දායාදයන් ද ආරක්ෂා කළ යුතුයි. අලි ඇතුන් ආරක්ෂා කිරීම ද ඉතා වැදගත්. මේ පිළිබඳව මම ජනාධිපතිවරයා සමග විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වූවා. පෙරහැර පවත්වන විහාරස්ථාන සදහා අලි ඇතුන් ලබාදිය යුතු බවට මතයක් ඉදිරිපත්ව තිබෙනවා. ඒ පිළිබදව අධ්‍යයනය කිරීමට කමිටුවක් ද පත් කෙරුනා. එම කමිටුව වාර්තාව ලබාදීමෙන් පසු අලි ඇතුන් ලබාදීම පිළිබද ක්‍රමවේදයක් ජනාධිපතිවරයා විසින් සකස් කිරිමට නියමිතව තිබෙනවා.'
 
rajitha 50
rajitha 51
rajitha 52
rajitha 53
rajitha 54
rajitha 55
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment