සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය් 2018 වැය ශිර්ෂ විවාදය හෙට (04) පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතය. ඒ සඳහා ගත වූ වසර 03 තුල සෞඛ්‍ය සේවාවේ සංවර්ධනය පිළිබදව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (03) පෙරවරුවේ පැවැති අතර, එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
තෙවසරක ප්‍රගතිය සම්බන්ධයෙන් කරුණු දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,
බෝනොවන රෝග පාලනය සහ දුම්වැටි සහ ම්‍යසාර භාවිතය පාලනය
“සෞඛ්‍ය අමාත්‍යාංශය මේ රටේ බෝවන රෝග පාලනය කර තිබෙනවා. මැලේරියාව, බරවා, ළාදුරුවලින් මිදුනු රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාව නම් කර අවසන්. ඒවගේම ඉදිරියේ දී රුබෙල්ලා, ජලභීතිකාව, මවගෙන් දරුවාට ආසාදනය වන ඒඩ්ස් රෝගය වැනි රෝග තුරන් කිරීමේ වැඩපිළීවෙල අපි ආරම්භ කර තිබෙනවා. එච්.අයි.වී සහ ඩෙංගුවල වැඩීවිමක් දක්නට ලැබුන ද එය පාලනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය නිසි වැඩපිලිවෙළක් ආරම්භ කර ඇති අතර, එහි ප්‍රතිඵල වසර 2020 වනවිට ලබාගත හැකි වෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2016 වාර්තාවට අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය ආරම්භ කර ඇති වැඩිපිළිවෙල අනෙක් රටවලට ද ආදර්ශයක් බව පෙන්වා දී තිබෙනවා. බෝනොවන රෝග පාලනය කිරීම සඳහා ද වැඩපිළීවෙලක් ක්‍රියාත්මකයි, හෘද රෝග, අධික රුධිර පීඩනය ඇතුලු බෝනොවන රෝගවලින් මියයන සංඛ්‍යාව වසර 2025 වනවිට සියයට 25 දක්වා අවම කිරීමට සැළසුම් සකස් කර තිබෙනවා. වසර 2025 වන විට මධ්‍යසාර භාවිතය සියයට 10 කින් අඩු කිරීමට, ලුණු භාවිතය සියයට 30 කින් අඩු කිරීමට, දුම්පානය සියයට 30 කින් අඩු කිරීමට සැළසුම් සකස් කර මේ වනවිට වැඩසටහන් දියත් කර තිබෙනවා. දුම්පානය වැළැක්වීම සඳහා සියයට 80 ක රූපමය අවවාද, සියයට 90 ක් දක්වා බදු වැඩිකිරීම, පාසල් අවට මිටර් 500 ක දුර සීමාවක දුම්වැටි අලෙවිය තහනම් කිරීම වැනි ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. වසර 2020 වනවිට දුම්කොළ වගාව තහනම් කිරීමට වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මකයි. දුම්කොල වගාවේ නිරත ගොවීන්ගෙන් සියයට 20 ක් මේ වනවිට විකල්ප වගා ක්‍රම කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. මේ වනවිට දුම්පානය සියයට 15 කින් අඩු වී කිබෙනවා. ඒ සඳහා ක්‍රියාත්මක කළ වැඩපිළිවෙලේ සාර්ථකත්වය මත පසුගිය වසර 03 තුල දුම්වැටි විරෝධී සම්මානය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට ලැබුනා. නමුත් දුම්කොළ සමාගමේ මුදල් මත ඇතැම් වෙබ් අඩවි මේ පිළිබදව වැරදි ප්‍රවෘත්ති ප්‍රචාරය කරනවා. ඒ එක් ප්‍රවෘත්තියක් සදහා රුපියල් ලක්ෂ එකහමාරක පමණ මුදලක් වැය කර තිබෙනවා. ව්‍යාජ වාර්තා තමයි ඉදිරිපත් කරන්නේ. නමුත් දුම්පානය අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව ගත් ක්‍රියාමාර්ග ලෝක සෞඛ්‍ය සංවිධානය අගය කර තිබෙනවා. මධ්‍යසාර පිළිබද ජාතික ප්‍රතිපත්තියක් ද ක්‍රියාත්මකයි. සීනි පරිභෝජනය අවම කිරීම සදහා වර්ණ සංකේත ක්‍රමයක් ක්‍රියාත්මක කළ අතර එමගින් පැණිබීම වර්ගවල අලෙවිය අවම වුනා. 2018 වර්ෂය සදහා මුදල් අමාත්‍යාංශය ඉදිරිපත් කළ අයවැය මගින් පැණිබීම වර්ගවල සෑම සීනි ග්‍රෑම් එකකටම සත 50 ක බද්ධක් අය කළ යුතු බව යෝජනා කර තිබෙනවා. එය අගය කළ යුතු කරුණක්. ලුණු සහ මේදය මෙන්ම පැණිරස කෑම භාවිතය ද අවම කිරීම සදහා ඉදිරියේදී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. බෝනොවන රෝග වැළැක්වීම සඳහා දැනට ක්‍රියාත්මක සංවිධාන එකතුව සන්ධානයක් ගොඩනගා තිබෙනවා. නියම නිදහස් සෞඛ්‍ය සේවාව ලබාදෙන්නේ යහපාලන රජය බිහිවීමෙන් අනතුරුවයි.”
පිළිකා රෝගී ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරිම
“පිළිකා රෝගීන්ට රුපියල් ලක්ෂ 15 ක් දක්වා තිබු ප්‍රතිකාර සීමාව ඉවත් කරනු ලැබුවා. පිළිකා රෝගීන්ගේ රුපියල් ලක්ෂ 15 දක්වා වූ ප්‍රතිකාර සීමාව ඉවත් කිරීමෙන් පසු ඔවුන්ට ජිවිතාන්තය දක්වා වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙනවා. මේ වනවිට ඇතැම් රෝගීන්ට රුපියල් ලක්ෂ 180 දක්වා ප්‍රතිකාර කර තිබෙනවා. ඒ අනුව සීමාව ඉවත් කිරීමෙන් පසු පිළිකා රෝගීන් 1285 කට ප්‍රතිකාර කර ඇති අතර ඒ සදහා වැය කළ මුදල රුපියල් මිලියන 4727 ක් වෙනවා. අක්ෂි කාච නොමිලේ ලබාදීමේ වැඩපිළිවෙල ද අඛණ්ඩව ක්‍රියාත්කමයි. ජාන තාක්ෂණ විද්‍යාවෙන් ප්‍රතිකාර කිරීමේ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මකයි. දැනට එම තාක්ෂණය ඇමරිකාවේ භාවිත කරනවා. එමගින් ඩි.එන්.ඒ පරීක්ෂාවක් මගින් ප්‍රතිකාර ක්‍රම සිදු කරන අතර පිළිකා රෝගය පාලනය කිරිම සදහා කයිරුඩා නැමැති ඖෂධයක් ද නිෂ්පාදනය කර තිබෙනවා. මෙම වෛද්‍ය ක්‍රමය ඉදිරියේ දී සුවිශේෂ වෛද්‍ය ක්‍රමයක් වෙනවා.”
“රුධිර පරීක්ෂණ නොමිලේ සිදු කිරීම, ඖෂධ හිගය අවම කිරිම, ස්ටෙන්ස් සහ අක්ෂි කාච නොමිලේ ලබාදීම නිදහස් සෞඛ්‍ය සේවාව මගින් මා විසින් කළ ජනතා සේවාවන් වනවා. ජනතාවගේ රෝග පරීක්ෂණ සදහා සුව දිවි මධ්‍යස්ථාන 846 ක් ස්ථාපිත කර ඇති අතර, එමගින් රුධිර පීඩනය, සීනි ප්‍රමාණය සහ කොලෙස්ටරෝල් පරීක්ෂාවට ලක් කරනවා. සුවනාරි මධ්‍යස්ථාන 856 ක් ස්ථාපිත කර කාන්තාවන්ගේ පියයුරු සහ ගැබ්ගෙල පිළිකා පරීක්ෂා කරනවා. එමගින් රෝග හදුනාගන්නා අතර මෙම වැඩපිළීවෙල ලෝක සෞඛ්‍ය සංවිධානය ද ඇගයීමට ලක් කර තිබෙනවා. එම සංවිධානය ප්‍රකාශ කරන්නේ මෙම වැඩපිළිවෙල ලෝකයේ අනෙත් රටවලට ආදර්ශයක් බවයි.”
“පවුලේ වෛද්‍යවරයා සංකල්පය ක්‍රියාත්මක කිරීමට සැළසුම් සකස් කර තිබෙනවා. 5000 ක ජන සංඛ්‍යාවකට එක් වෛද්‍යවරයෙක් පත් කර රෝග පරීක්ෂා කිරීමට කටයුතු කිරීම එහි අරමුණයි. සෞඛ්‍ය වාර්තා සකස් කිරීම ද එහිදී සිදු වෙනවා. එමගින් රෝග ආරම්භයේ දීම ප්‍රතිකාර කළ හැකියි. ඒ සදහා වූ ව්‍යාපෘති වාර්තාව ලෝක බැංකුව සහ සෞඛ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව සකස් කර තිබෙනවා. ඒ සදහා ලෝක බැංකුව වසර 05 ක කාලයක් සදහා ඇමරිකානු ඩොලර් මිලියන 200 ක මුදලක් ලබාදුන්නා. රෝග පරීක්ෂා කිරීමේ මධ්‍යස්ථාන ද ස්ථාපිත කරනවා. ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමෙන් කාය වර්ධන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමේ වැඩපිළීවෙළක් ද ක්‍රියාත්මකයි. ක්‍රිඩා අමාත්‍යාංශය සහ තරුණ කටයුතු අමාත්‍යාංශය සමග ඒකාබද්ධව දිවයින පුරා පිහිටි තරුණ සමාජ 14000 ක් සම්බන්ධ කරම්න් කායවර්ධන මධ්‍යස්ථාන ස්ථාපිත කරනවා. මහජන සෞඛ්‍ය, හෙද සේවාව සහ මහජන සෞඛ්‍ය වෛද්‍ය සේවාවද අපි ආරම්භ කර තිබෙනවා.”
ඖෂධ මිල අඩු කිරිම
“අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මුල අඩු කර විවිධ වෙළෙද නාම ඖෂධ 400 ක මිල අඩු කිරිමට පියවර ගත්තා. ඉතා ම්ල අධික පිළිකා ඖෂධවල මිල ද අඩු කළ අතර ඖෂධ මාෆියාවට එරෙහිව අඛණ්ඩව සටන් කිරීමට කටයුතු කර තිබෙනවා. පිළිකා ඖෂධවල මිල සියයට 51 කින් අඩු කිරිමට අපි සමත් වුනා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති වංචා සහ දුෂණ අවම කරමින් තමයි එම මුදල් සොයා ගත්තේ. ජනතා සෞඛ්‍ය සේවාවන් සදහා ඉන් පසු අවශ්‍ය මුදල් සොයා ගනු ලැබුයේ මහාභාණ්ඩාගාරය දැනුවත් කරමිනි. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මෙරට විශාලතම ඖෂධ සමාගම ලෙස කටයුතු කරනවා. 2015 වසරේ දී එහි ලාභය රුපියල් මිලියන 1200 දක්වා වැඩි වූ අතර 2016 දී එය මිලියන 1800 දක්වා වැඩි වුනා. රාජ්‍ය ඖෂධ නීෂ්පාදන නීතිගත සංස්ථාව දෙස් විදෙස් ඖෂධ සමාගම් 38 ක් සමග ගිවිසුම් අත්සන් කර ශ්‍රි ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරට දීම නිෂ්පාදනය කිරීමට කටයුතු කර තිබෙනවා. මෙරට වාර්ෂික ඖෂධ වෙළෙදාම ඇමරිකානු ඩොලර් මිලියන 400 ක් පමණ වෙනවා. මම සෞඛ්‍ය අමාත්‍යධූරයට පත්වන විට දිනපතා ඖෂධ වර්ග 44-79 අතර ප්‍රමාණයක හිගයක් පැවැතුනා. ඒ සදහා මෘදුකාංගයක් හදුන්වාදීමෙන් පසු ඖෂධ හිගය අවසන් වුනා. දැන් සෑම රෝහලකම ඖෂධ අවශ්‍ය තරම් තිබෙනවා. මෙම මෘදුකාංග සේවාව වසර 2018 දී සෑම රෝහලකම ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. දිනපතා පුවත්පත්වල ඇතැම් රෝගීන් තමන්ට අවශ්‍ය වෛද්‍ය උපකරණ සහ ඖෂධ පිළිබද දැන්වීම් ප්‍රසිද්ධ කර තිබෙනවා. එම රෝගීන්ගේ දුරකථන අංක වෙත කථා කර එම ඖෂධ ලබාදීමේ වැඩපිළීවෙළක් ද ක්‍රියාත්මකයි.”
අක්ෂි කාච සහ ස්ටෙන්ස් නොමිලේ ලබාදීම
“වයස අවුරුදු 40 ට වැඩි ඡ්‍යෙෂ්ඨ පුද්ගලයින් සියයට 1.7 ක් අන්ධ භාවයට පත්ව ඇති බව වාර්තා වෙනවා. වසර 2025 වනවිට එම තත්ත්වය සියයට 26 ක් දක්වා වැඩි වන බවට ඇස්තමේන්තු කර තිබෙනවා. එම නිසා ඇසේ සුද මතුවීමේ රෝගයට අක්ෂි කාච ශල්‍ය කර්ම අඛණ්ඩව සිදු කළ යුතුයි. ඒ සදහා වාර්ෂික ඇස්තමේන්තුව වූ ලක්ෂයක් වූ අක්ෂි කාච මේ වන විට එක්ලක්ෂ 50,000 දක්වා වැඩි වී තිබෙනවා. ජයවර්ධනපුර මහ රෝහල, නෙවිල් ප්‍රනාන්දු රෝහල, වැනි රෝහල්වල සවස 4 න් පසුව ද දිනපතා ශල්‍යකර්ම සිදු කර අක්ෂි කාච ශල්‍යකර්ම පොරොත්තු ලේඛණය අවම කිරීමට කටයුතු කරනවා. අක්ෂා කාච ආනයනය සදහා 2018 වසරේ දී රුපියල් මිලියන 1700 ක් වැය කිරිමට බලාපොරොත්තු වෙනවා.”
“හෘද රෝගීන් සදහා ස්ටෙන්ස් නොම්ලේ ලබාදීමේ වැඩපිළීවෙලට ඇත්තේ දැඩි ඉල්ලුමක් 2017 වසරේ රෝගීන් 4300 කට නොමිලේ ස්ටෙන්ස් ලබාදී තිබෙනවා. ඒ සදහා වැය කළ මුදල රුපියල් මිලියන 324 ක්. 2018 වසරේ දී රෝගීන් 8000 කට ස්ටෙන්ස් ලබාදීමට බලාපොරොත්තු වෙනවා. රුධිර පරික්ෂණ නොමිලේ රෝහල්වල සිදු කෙරෙන අතර, ඒ සදහා රුපියල් බිලියන 2.6 ක් වැය කර රසායනාගාර සේවා ඇති රෝහල් වලට ස්වයංක්‍රීය රුධීර පරීක්ෂණ යන්ත්‍ර ලබා දී තිබෙනවා. කොළඹ ජාතික රෝහලට පමණක් සීමා වී තිබු හදිසි අනතුරු සේවාව දීප ව්‍යාප්ත කර තිබෙනවා. මේ වනවිට හදිසි අනතුරු ඒකක 04 ක් ඉදිකර අවසන්. තවත් 06 ක් ඉදි කරනවා. ඒ සදහා මුල්‍ය ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා. ඉන්දීය ගිලන් රථ සේවාව ද දීප ව්‍යාප්ත කිරීමට කටයුතු කර තිබෙනවා. තව ද ජර්මනයේ පෞද්ගලික සමාගමක් මගින් හදිසි ආපදා හෙළිකොප්ටර් යානා 08 ක් සහ ආපදා රථ 24 ක් ලබා දී හදිසි අනතුරු සේවා ප්‍රතිකාර ක්‍රම දීප ව්‍යාප්ත කිරීමට කටයුතු කර තිබෙනවා.”
වකුගඩු රෝගී ප්‍රතිකාර සේවා ශක්තිමත් කිරිම හා ඇටම්දුලු බද්ධ කිරීම
“වකුගඩු රෝගීන් වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මකයි. රුධිර කාන්දු කාන්දුපෙරණ මධ්‍යස්ථාන මෙන්ම වකුගඩු ප්‍රතිකාර මධ්‍යස්ථාන ද ස්ථාපිත කර ඇති අතර, පොළොන්නරුව ප්‍රදේශයේ වකුගඩු රෝගීන් වෙනුවෙන් මහ රෝහලක් ස්ථාපිත කරනවා. පළාත් සභා රෝහල් සංවර්ධනය කිරීම සදහා 2016 වසරේ දී රුපියල් මිලියන 5000 ක් ද 2017 වසරේ දී රුපියල් මිලියන 3000 ක් ද ලබාදුන්නා. ඇටමිදුලු බද්ධ කිරීම අපේක්ෂා රෝහලෙන් ආරම්භ කළ අතර එය සාර්ථකව සිදු වෙනවා. ඉදිරියේ දී ළමා රෝහලේ ද ලියුකේමියා රෝගීන් සදහා ඇටමිදුලු බද්ධ කිරිම ආරම්භ කරනවා. මහනුවර මහ රෝහල් භූමියේ තැලසීමියා රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ස්ථාපිත කරනවා.”
මානව හා භෞතික සම්පත් ඉහළ නැංවීම
“සෞඛ්‍ය සේවාවේ කාර්ය මණෟඩලය දෙස බැලීමේ දී විශේෂඥ වෛද්‍යවරුන් 1382 ක හිගයක් පවතිනවා. පශ්චාත් උපාධි ආයතනය සමග ඒකාබද්ධව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව දෙගුණයක් දක්වා වවැඩි කිරීමට තීන්දු තීරණ ක්‍රියාත්මක කරනවා. වෛද්‍ය හිගය අවසන් කිරිම සදහා වෛද්‍ය පීඨ 03 ක් වයඹ, සබරගමුව සහ මොරටුව විශ්ව විද්‍යාලවල ස්ථාපිත කරනනවා. එමගින් වාර්ෂිකව වෛද්‍යවරුන් 700 ක් පමණ බිහි කිරීමේ හැකියාව ලැබෙනවා. යහපාලන රජය සෞඛ්‍ය සේවාව පෞද්ගලිකරණය කරන්නේ නැහැ. එය වැරදි මතයක්. හෙද හෙදියන් 37000 ක් අවශ්‍ය වුවද දැනට සිටින්නේ 31000 ක් පමණයි. ඒ සදහා හෙද විද්‍යාල සංවර්ධනය කරන අතර කොළඹ විශ්ව විද්‍යාලය සමග ඒකාබද්ධව හෙද උපාධිධාරීන් 2000 ක් බිහි කිරීමේ හෙද පීඨයක් ආරම්භ කරනවා. ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සමග ඒකාබද්ධව පරිපුරක වෛද්‍ය පීඨයක් ද ස්ථාපිත කිරීමට කටයුතු කරනවා. පරිපුරක වෛද්‍ය උපාධිධාරීන් 406 කට පත්වීම් ලබාදී ඇති අතර, ඔවුන්ට ඉහළ වැටුප් ලබාදීමට කටයුතු කළා. පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී සේවාව සදහා බදවා ගන්නා සංඛ්‍යාව ද වැඩි කර තිබෙනවා. රජය විසින් රාජ්‍ය සේවකයින්ගේ වැටුප රුපියල් 10,000 කින් වැඩි කිරීමට අමතරව මා විසින් සෞඛ්‍ය සේවකයින්ගේ වැටුප් සදහා දීමනා ද ලබාදී තිබෙනවා. එමගින් මුලික වැටුප වැඩි වී තිබෙනවා. දිවයින පුරා සියලුම රෝහල් පරිගණක ගත කිරීමේ වැඩපිළීවෙළක් ද ක්‍රියාත්මකයි. 2017 වසරේ දී රෝහල් 300 ක් පරිගණක ගත කළා. ඊ-හෙල්ත් කාඩ් පතක් රෝගී ජනතාවට හදුන්වා දෙනවා. සෞඛ්‍ය සේවාවට අවශ්‍ය සියලුම උපකරණ ස්වයංක්‍රීය මෙන්ම ඩිජිටල් යන්ත්‍ර ලබාගැනීමට ද කටයුතු කර තිබෙනවා. කොළඹ ජාතික රෝහලේ හෘද සැත්කම් ඒකකය රුපියල් මිලියන 186 ක් වැය කරමින් අලුත්වැඩියා කරනවා. මෙහි ශල්‍යාගාර ඉතා පැරණි ඒවා. ඇතැම් ශල්‍යාගාරවල දිලීර පවා තිබුනා. ශල්‍යාගාර අලුත්වැඩියා කිරීම් මාසයකින් පමණ අවසන් වෙයි. එතෙක් ශල්‍යකර්ම සිදු කිරීම සදහා වෙනත් ශල්‍යාගාර 02 ක් ස්ථාපිත කර තිබෙනවා.”
දේශීය වෛද්‍ය විද්‍යාව දියුණු කිරීම
“දේශීය වෛද්‍ය විද්‍යාව දියුණු කිරීම සදහා වැඩපිළීවෙළක් ක්‍රියාත්මකයි. සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මෙන් ආයුර්වේද දෙපාර්තමේන්තුව ද ස්ථාපිත කරනවා. ආයුර්වේද වෛද්‍ය උපාධිධාරීන් 651 කට රැකියා ලබාදුන්නා. ආයුර්වේද ඖෂධ සංග්‍රහය මේ වනවිට සකස් කර තිබෙනවා. පුස්කොළ පොත් 600 ක් සිංහලයට පරිවර්ථනය කර තිබෙනවා. දේශීය වෛද්‍යවරුන් 2500 කගේ දැනුම සංරක්ෂණය කරනවා. දේශීය ඖෂධ සාම්පල විශ්ලේෂණය කරන අතර, ඒවා සංරක්ෂණය ද කරනවා. බත්තරමුල්ල වෝටර්ස් ඒඡ් පරිශ්‍රයේ පසුගියදා පැවැති ජාත්‍යන්තර විකල්ප ආයුර්වේද ප්‍රදර්ශණයේ දී පර්යේෂණ ග්‍රන්ථ 303 ක් එළිදැක්වූවා.”
මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, අතිරේක ලේකම්වරු, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, ආයතන ප්‍රධානීන් එක්ව සිටියහ.
0 comments :
Post a Comment