ගතවූ වසර 40 තුළ මෙරට ජනාධිපතිවරුන් කොටි ත්‍රස්‌තවාදීන්ගෙන් බේරා ගැනීම සඳහා ගෙන්වා තිබූ වෙඩි නොවදින මෝටර් රථ 25 ක් ගැඹුරු මුහුදේ ගිල්වා දැමීමට තීරණය කර ඇත.මර්සිඩීස් බෙන්ස් හා ජගුවර් වර්ගයේ මෙම මිල අධික මෝටර් රථ අතර හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු වූ කරුණා අම්මාන්ට ගෙන්වූ ටොයෝටා ලෑන්ඩ් කෲසර් රථය ද වේ.
හිටපු ජනාධිපතිවරුන් වූ ඡේ. ආර්. ජයවර්ධන, චන්ද්‍රිකා කුමාරතුංග සහ මහින්ද රාජපක්‍ෂ විසින් මේ වෙඩි නොවදින රථ භාවිත කර ඇත.
මෙම රථ ගැඹුරු මුහුදේ හෙළීම භාරවී ඇත්තේ නාවික හමුදාවටය.
එම රථවල සන්නිවේදන සහ වෙනත් උපාංග ද ඉවත් කර ඇත.
වෙඩි නොවදින කාල්ටර් ආවරණයෙන් යුතු මේ රථ මුහුදේ හෙළීමට තීරණය වී ඇත්තේ එම රථ වෙන්දේසියේ අලෙවි කළහොත් පාතාලයට සම්බන්ධ පිරිස් ඒවා මිලයට ගැනීමට ඉඩ ඇති නිසා බවට වාර්තා වීමයි.
වසර ගණනාවක් පැරණි මේ රථ අලුත්වැඩියා කිරීම සඳහා විශාල වියදමක් දැරීමට සිදු වන බව ද වාර්තා වේ.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment