සාපෙළ බහුවරණ උත්තර කොපි කරන අලුත්ම ක්‍රමය ගාල්ලෙන්


පසුගිය දිනවල පැවති සාමාන්‍ය පෙළ විභාගයේ පරීක්ෂකවරුන්ගේ ඇස වසා අලුත්ම ක්‍රමයක් යොදාගෙන විභාගය කොපිකළ සිසුවියන් පිරිසක් පිළිබඳ ගාල්ල ප්‍රදේශයෙන් වාර්තාවේ.

මේ අලුත්ම ක්‍රමය

වන්නේ බහුවරණ ක්‍රමයට පැවති පළමු ප්‍රශ්න පත්‍රය සිරුරේ සංඥා මගින් කොපි කිරීමයි.මේ සුක්ෂම උපාය විභාග පරීක්ෂකවරුන්ට හසු නොවන උපායශීලි එකකි. ප්‍රශ්නපත්‍රයේ පළමු කොටසේ පළමුවැන්නේ නිවැරදි උත්තරය එකනම් උත්තරය දන්න සිසුවිය නොදන්න සිසුවියට පෙනෙනසේ ඔළුවේ නළල අතගාන්නීය.  උත්තරය දෙකනම් නහය අත ගාන්නීය. උත්තරය තුනනම් කට අතගාන්නිය. උත්තරය හතරනම් නිකට අත ගසන්නීය. විභාග පරීක්ෂකවරයා හෝ පරීක්ෂකවරිය තමන්ට පිටුපා සිටියදී උත්තරය නොදන්නා සිසුවියන් ගොළු බසින්
මේ ආකාරයට ලබාදී තිබේ.
මේ ගැන පරීක්ෂකවරුන් දැනුවත්ව නැති නමුත් එය සිදු කළ සිසුවියන් හපන්කමක් කළ අයුරින් උපාය ගැන තැන්තැන් වල විස්තර තර තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment