පෝස්ට් කටවුට් ඉවත් කරන්න දහසක බලඇණියක්

පෝස්ට් කටවුට් ඉවත් කරන්න දහසක බලඇණියක්
ඒ අනුව දිවයිනේ සියලු පොලිස් ස්ථාන සඳහා මෙම පිරිස බඳවාගෙන ඇති අතර ප්‍රධාන පොලිස් ස්ථානවලට කම්කරුවන් තිදෙනෙකු අනුයුක්ත කර තිබේ. සෙසු පොලිස් ස්ථාන සඳහා කම්කරුවන් දෙදෙනෙකු බැගින් යොදවා තිබේ.
 
පෙර මැතිවරණවලට වඩා මැතිවරණ නීති ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් පොලීසිය දැඩි ක්‍රියාමාර්ග ගෙන ඇති අතර මැතිවරණ නීති උල්ලංඝනය කරන පුද්ගලයන් රැසක් මේ වනවිටත් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ. ඒ අතර හිටපු සභාපතිවරුන් ඇතුලු අපේක්ෂකයන් කිහිප දෙනෙකුද වේ. මැතිවරණයේදී පොලීසියේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ මෙන්ම මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල ද ප්‍රසාදය පොලීසියට හිමි වී ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment