පලුගස්දමන ප්‍රදේශයේ පැවති රැස්වීමකට සහභාගිවෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් ප්‍රකාශ කළේය.
ග්‍රාමීය ප්‍රදේශවල පවතින සැබෑ තත්වය සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු මධ්‍යම රජය වෙත සම්ප්‍රේෂණය වීම සඳහා නිශ්චිත ක්‍රමවේදයක් නොමැතවීම සංවර්ධනයේදී පවතින විශාලතම ගැටලුව බවයි ජනාධිපතිවරයා පවසන්නේ. ඒ නිසා සෑබෑ තත්වය පිළිබඳව හා ග්‍රාමීය ප්‍රදේශවල සිදුකරන සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් නිසි අවබෝධයක් ලබාගැනීමට නොහැකි වී ඇති බව සිරිසේන මහතා අවධාරණය කරයි.
නව වැඩපිළිවෙල යටතේ ප්‍රාදේශීය ලේකම්වරුන්, ග්‍රාම නිළධාරීවරුන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු රාජ්‍ය නිළධාරීන් හා ප්‍රාදේශීය මහජන නියෝජිතයන් හරහා සංවර්ධනයේ සෑබෑ තත්වය පිළිබඳ හඳුනාගෙන අවශය පිළියම් යෙදීම සිදු කරනු ඇත.
0 comments :
Post a Comment