ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විරකුමාර දිසානායක, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්ව කටයුතු කිරිමේ සුදානමක් පවතින වාර්තා වනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංසගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායකයා ලෙස කටයුතු කළේ ද වීරකුමාර දිසානායකයි.
මේ මොහොතේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පිල සමඟ එක්වී කටයුතු කළ යුතු හේතුව සම්බන්ධයෙන් මන්ත්‍රී විරකුමාර දිසානායක විසින් පැහැදිලි කරනු ලැබුවා.
ඒ සම්බන්ධයෙන් පිටු අටකින් යුත් නිවේදනයක් ද මාධ්‍ය වෙත නිකුත් කර ඇති බව සඳහන්.
අනුරාධපුරයේ අද (05) පැවැති මාධ්‍ය හමුවේ දී මන්ත්‍රීවරයා මේ පිළිබඳ කියා සිටියා.
මෙම මාධ්‍ය හමුවේ දී මන්ත්‍රීවරයා විමල් වීරවංශගෙන් යුත් ජාතික නිදහස් පෙරමුණ විවේචනය කරනු ලැබුවා.
තමන් සම්බන්ධයෙන් එල්ල කරන චෝදනා ඔප්පු කර පෙන්වන ලෙසද මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියා.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment