අඩු පීඩන අවපාතයට මුහුණ දෙන්න උතුර සීරුවෙන් තබයි

අඩු පීඩන අවපාතයට මුහුණ දෙන්න උතුර සීරුවෙන් තබයි


වව්නියාව ,මන්නාරම , මුලතිව්, කිලිනොච්චි හා යාපනය ප්‍රදේශ වෙත ධීවර කටයුතු වල නිරත ධීවරයින්ට මුහුදු යාමෙන් වලකින ලෙසටද දැනුම් දී ඇති අතරම ආපදාකලමනා කරන නිලධාරීන් සීරුවෙන් තැබීමට සියලු දිස්ත්‍රීක්කවල දිසාපති වරුන් පියවර ගෙන ඇත.

මේ අතර අද (05) දහවල් වව්නියාව දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේදී වවුනියාව දිසාපති සෝමරත්න විදානපතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් වව්නියාව ආපාදා කලමනාකරන නිලධාරීන් ආරක්ෂක අංශ නිලධාරීන් හා රාජ්‍ය නිලධාරීන් පිරිසක් විසින් හදීසි රැස්වීමක් කඳවා සාකච්ඡා කොට ඇත්තේ ඉදිරි පැය 24 කාලය තුල අඩුපීඩන අවපාතය වව්නියාව දිස්ත්‍රීක්කයට බලපාන්නේ නම් ගන්නා පියවර සම්බන්ධයෙනි.

මේ අනුව ආපදා කලමනා කරන නිලධාරීන් මෙන්ම ආරක්ෂක අංශ වල මැදිහත් වීමෙන් ජනතාවට ඉක්මන් සහන සැලසීම හා ඔවුන්ගේ ආරක්ෂව සලසන ආකාරය පිළිබඳවද සාකච්ඡා කරනු ලැබීය.

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment