පුංචි ජන්දෙන් ජනතා මතය පැහැදිලි වේවි - වික්‍රමබාහු කරුණාරත්න

පුංචි ජන්දෙන් ජනතා මතය පැහැදිලි වේවි - වික්‍රමබාහු කරුණාරත්න

පළාත් පාලන මැතිවරණයක් වුවත් ජාතික මට්ටමේ මැතිවරණයක ස්වභාවය ඊට එක්ව ඇති බවයි කරුණාරත්න මහතා ප්‍රකාශ කළේ. මැතිවරණය පවත්වා ගැනීම සඳහා විවිධ බාධා මතු වුවත් මැතිවරණයේ අවශ්‍යතාව පැවති හා ඊට එරෙහි වූ කණ්ඩායම් පිළිබඳව දැන් මනාව පැහැදිලි වී ඇති බව හෙතෙම සඳහන් කළේය.

තවත් අතකින් යහපාලනය අර්ථගන්වා ගැනීමට හැකි වරමක් ලැබෙන මැතිවරණයක් බවද ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා කියා සිටියේය. කෙසේ වෙතත් පළාත් පාලන මැතිවරණය පිළිබඳව දැඩිව කත බහට ලක්ව තිබූ සමයේ ශ්‍රීලනිප කණ්ඩායම් දෙක සාකච්ජා කිරීමට යෑමෙන් දේශපාලනික වශයෙන් ජනතාව ප්‍රතික්ෂේප කර සිටි මහින්ද රාජපක්ෂ කණ්ඩායමට නව ජවයක් ලැබුණු බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ.

නිශාන්ත ප්‍රියදර්ශන

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment