නායකයා කවුද? මව්බිම පුවත සාවද්‍යයි - කොළඹ සරසවිය.


නායකයා කවුද? කොළඹ විශ්ව විද්‍යාලය සමීක්ෂණයකින් හෙළිකරයි යන මැයෙන් යුතුව ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාර විසින් 2017 දෙසැම්බර් 03 වන ඉරිදා දින 'මව්බිම' පුවත්පතෙහි ප්‍රධාන ශීර්ෂ පාඨය ලෙස පල කරන ලද ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් සාවද්‍ය බවත්, කොළඹ විශ්ව විද්‍යාලය විසින් එවන් සමීක්ෂණයක් සිදු කොට නොමැති බවත් සඳහන් කරමින් කරුණු පැහැදිලි කරමින් කොළඹ විශ්ව විද්‍යාලයෙහි උප කුලපතිවරයාගේ උපදෙස් මත ජනමාධ්‍ය අංශ ප්‍රධානී මහාචාර්ය සමන්ත හේරත් විසින් 2017 දෙසැම්බර් 03 දාතමින් මව්බිම පුවත්පතේ කර්තෘවරයා වෙත දැනුම් දී ඇත.

අදාල ප්‍රවෘත්තිය සෙසු විද්යුත්, මුද්‍රිත සහ වෙබ් ජනමාධ්‍ය විසින් උපුටා දක්වන ලද බැවින් එම නිවැරදි කිරීමටද ඒ හා සමාන ප්‍රසිද්ධියක් ලබා දීමට සහය ලබා දෙන ලෙස මහාචාර්ය සමන්ත හේරත් මහතා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් වෙතින් ඉල්ලීමක් කොට ඇති අතර, ඒ අනුව මෙම ලිපියෙහි පිටපතක් සියළු මාධ්‍ය වෙත නිකුත් කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් කටයුතු කොට ඇත.

ගෝඨා පුම්බන ව්‍යාපෘතියක් !

වසර 2020දී මෙරට ජනාධිපතිවරයා විය යුත්තේ රටට ආදරය කරන ඒකාධිපති ස්වරූපයක්ද සහිත නායකයකු බවත් ඔහු උගත් බුද්ධිමතකු විය යුතු බවත් එම පාලනය හමුදා පාලනයක් වුව සුදුසු බවට කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය ඒකකය විසින් සිදුකරනු ලැබූ පර්යේෂණයකින් අනාවරණය වී ඇතැයි 'මව්බිම' වාර්තා කර තිබිණ.

එහිදී නියැදිය වශයෙන් 505කගෙන් සමන්විත පිරිසක් මේ සඳහා යොදාගෙන ඇති බවත්, පර්යේෂණ ක්‍රමවේදය වී ඇත්තේ 'රනිල් වික්‍රමසිංහ, මෛත්‍රිපාල සිරිසේන, අනුර කුමාර දිසානායක, සජිත් ප්‍රේමදාස සහ ගෝඨාභය රාජපක්ෂ යන පස්දෙනාගේ ඡායාරූපයකට අනුපිළිවෙළින් අංක යොදා එක් අයකු මේ පුද්ගලයන් පස් දෙනා අතුරින් කැමැත්ත ප්‍රකාශ කරන ආකාරය ප්‍රමාණාත්මකව ගණනය කිරීම බවත් එම පුවත් වාර්තාවේ සඳහන් විය.

පර්යේෂණ නියැදියට අනුව ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරමුණේ සිටින බව 'මව්බිම' වාර්තා කර ඇත.



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment