වීරකුමාරට නීතිය හා සාමය රාජ්‍ය ඇමතිධූරය

වීරකුමාරට නීතිය හා සාමය රාජ්‍ය ඇමතිධූරය
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් හත් දෙනෙකු රජයට එක්වීමට නියමිත බව අප මීට ඉහතදීද වාර්තා කළ අතර එ් අනුව ඉදිරියේදී වීරකුමාර ඇතුළු කිහිප දෙනෙකුට රාජ්‍ය ඇමතිධූර සහ නියෝජ්‍ය ඇමතිධූර ලබාදීමට නියමිතය.
 
ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් වීරකුමාර දිසානායක මහතා දැනුවත් කර ඇති අතර මන්ත්‍රීවරයා එක්වරම පවසා ඇත්තේ සාගල වැනි පුද්ගලයෙකු සමග සහයෝගයෙන් කටයුතු කළ නොහැකි බවයි. 'සාගල අග්‍රාමාත්‍යවරයාගේ පවර් අරගෙන වැඩ කරනවා' යැයි මන්ත්‍රීවරයා පවසා ඇති අතර තමන් නමට පමණක් ඇමතිවරයෙකු වන බැවින් වෙනත් අමාත්‍යංශයක් ලබාදෙන ලෙස ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.
 
මෙයට පිළිතුරු ලෙස ජනාධිපතිවරයා පවසා ඇත්තේ 'ඒකම තමයි එතනට තමුන්ව දාන්නෙ. තමුන්ව දාන්නෙ මගේ කෙනෙක් විදියට. තමුසෙ මගේ පවර් අරගෙන වැඩ කරනවා, එතකොට හරි නේ' යනුවෙනි.
 
වීරකුමාර දිසානායක මහතා ඉන් පසු ජනාධිපතිවරයා වෙත සිය කැමැත්ත ප්‍රකාශ කොට ඇති අතර ඒ අනුව ඉදිරියේදී ඔහු නීතිය හා සාමය පිළිබඳ රාජ්‍ය ඇමතිවරයා වශයෙන් දිවුරුම් දෙනු ඇත.
 
කලෙක සිට පොලිස්පතිවරයාගේ සහ සාගල රත්නායක ඇමතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නොසතුටින් පසුවන අතර එය පාලනය කළහැකි පුද්ගලයෙකු එකී අමාත්‍යංශයට පත්කිරීම සඳහා ජනාධිපතිවරයා තීරණය කර තිබිණි. ඒ අනුව ඉදිරියේදී ජනාධිපතිවරයාට වීරකුමාර දිසානායක මන්ත්‍රීවරයා හරහා එම අමාත්‍යංශයට මැදිහත්වීමට අවස්ථාව හිමිවනු ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment