බැඳුම්කර කොමිසමෙන් රවී නිදහස් වන ලකුණු

බැඳුම්කර කොමිසමෙන් රවී නිදහස් වන ලකුණු
අදාල වංචාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් පත්කළ කොමිසමේ වාර්තාව ඉදිරි දිනවලදී ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිත වේ.
 
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම එවකට මුදල් ඇමතිවරයා වූ රවී කරුණානායක මහතා ද වගකිව යුතු බවට චෝදනා එල්ල වූ අතර ඒ හේතුවෙන්ම රවී කරුණානායක මහතාට මුදල් ඇමතිධූරය හා ඉන්පසු විදේශ කටයුතු ඇමතිධූරයද අත්හැරීමට සිදුවිය.
 
කෙසේ වෙතත් වාර්තාව මගින් තහවුරු කර ඇත්තේ අග්‍රාමාත්‍යවරයා හෝ රවි කරුණානායක මහතා බැඳුම්කර වංචාවට වගකිවයුත්තන් නොවන බවයි.
 
රවී කරුණානායක මහතාට නැවත ඇමතිධූරයක් ලබාදීමට මේ වනවිටත් ජනාධිපතිවරයා සිය කැමැත්ත පළකර ඇති අතර ඉදිරියේදී රවී කරුණානායක මහතා නැවතත් කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දෙනු ඇත.
 
මේ අතර රවී කරුණානායක මහතා නැවත ඇමතිවරයෙකු ලෙස දිවුරුම්දීමට එරෙහිව එජාපය ඇතුළතින්ම කුමන්ත්‍රණයක් දියත්වෙමින් තිබෙන අතර එහි පිටුපස එජාප ප්‍රබලයන් වන මලික් සමරවික්‍රම සහ දයා ගමගේ යන අමාත්‍යවරුන් සිටින බවයි වාර්තා වන්නේ. පසුගියදා ඔවුන් දෙදෙනා ජනාධිපතිවරයා සමග දකුණු කොරියාවේ සංචාරයටද එක්වූ අතර සංචාරය අතරතුරදී රවී නැවත කැබිනට් මණ්ඩලයට පත්කිරීමට එරෙහිව ඔවුන් දෙදෙනා ජනාධිපතිවරයාට කරුණු දක්වා තිබේ. කෙසේ වෙතත් ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් සැලකිල්ලක් දක්වා නොමැති අතර ඉදිරියේදී අනිවාර්යෙන් රවී කරුණානායක මහතා කැබිනට් ඇමතිවරයෙකු වශයෙන් දිවුරුම් දෙනු ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment