ජපානෙ නං අවුරුදු 70 ගණන් කියන්නෙ මැදිවයස මහින්දගේ ජපන් කතා


ජපානෙ නං අවුරුදු 70 ගණන් කියන්නෙ මැදිවයස
මහින්දගේ ජපන් කතා

පසුගිය සතියේදී හිටපු ජනපති මහින්ද අහුංගල්ලේ විහාරස්ථානයක පැවැති උත්සවයකට සහභාගි විය. විහාරස්ථානයේ උත්සවය අවසන්වීමෙන් පසුව දිවා ආහාරයද සූදානම් කර තිබුණි. ජානක වක්කුඹුර ඇතුළු මන්ත්‍රීවරු වට කරගනිමින් මහින්ද දිවා ආහරය ගත්තේ
සැහැල්ලුවෙනි.

මහින්ද දිවා ආහාරය ගන්නා අතරවාරයේදී කතා කළේ ජපානයේ ආහාර ගැනීම් ගැනය.
“ජපානයේ ආහාර රටාව හරි වෙනස්. මට ජපානයේදී හාමුදුරුවෝ නමක් හමුවුණා. මගේ වයස කීයද කියලා උන්වහන්සේ ඇහුවා. ඒ වෙලාවේදී මගේ වයස කීයද කියලා කියන්න පුළුවන්ද කියලා මම ඇහුවා. උන්වහන්සේ කිවවේ මගේ වයස අවුරුදු හැත්තෑවක් විතර වෙනවා ඇති කියලයි. මට දැන් හැත්තෑ තුනයි කියලා කිව්වා. ඊට පස්සේ උන්වහන්සේ මට කිවුවා ජපානයේ අවුරුදු හැත්තෑවක් කියන්නේ මැදි වයස. මැදි වයසේ කෙනෙකුට හොඳින් දේශපාලනය කරන්න පුළුවන් කියලා මට කිව්වා” මහින්ද පසුගිය ජපන් සංචාරයේ අත්දැකීම් බෙදාගන්න විය.

තිලකජය
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment