මෙවර ශ්‍රී පාද සමය අද (03) ආරම්භ කළ හැටි


 මෙවර ශ්‍රීපාද වන්දනා සමය (2017/ 2018) උඳුවප් පුන් පෝය (03) දින සිට ආරම්භ විය.
අවාර සමයේ පැල්මඬුල්ල ගල්පොත්තාවෙල ශ්‍රීපාද රජමහා විහාරයේ තැන්පත්කර තිබූ සඳාතුක කරඬුව, ශ්‍රී සුමන සමන් දෙවියන්ගේ ඓතිහාසික රන් මුවා පිළිමය හා දේවාභරණ ශ්‍රිපාදස්ථානය වෙත වැඩම කිරීම
ශ්‍රීපාදස්ථානාධිපති, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති හා සඹරගමුව පළාතේ ප්‍රධාන සංඝනායක බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නායක හිමියන්ගේ උපදෙස් හා  අනුශාසනා ඇතිව පෙරහැර තුනකින් පෙරේදා (02) අළුයම යෙදුන සුභ නැකත් අනුව ප්‍රර්ණ රාජ්‍ය ගෞරව සහිතව ගල්පොත්තාවෙල සිට ශ්‍රීපාදස්ථානය වෙත වැඩම කිරීම සිදු කෙරිණි.
ඇහැලියගොඩ, අවිස්සාවේල්ල, හැටන්, මස්කෙළිය

හරහා පැමිණි රිය පෙරහැර හා බලන්ගොඩ, බගවන්තලාව හරහා ගමන්ගත් පෙරහැර නල්ලතන්නිය ශ්‍රීපාද ධර්ම මධ්‍යස්ථානය වෙත පෙරේදා (02) රාත්‍රී 10.30 ට පමණ දහස් ගණනනක්  බැතිමතුන්ගේ පුද පූජා මධ්‍යයේ ළඟා විය. සඳාතුක කරඬුව,සමන්දේව ප්‍රතිමාව, හා  දේවාභරණ කෙටි වේලාවක් ශ්‍රීපාද ධර්ම මධ්‍යස්ථානයේ තැන්පත් කිරීමෙන් අනතුරුව ශ්‍රීපදස්ථානාධිපති නායක හිමියන්ගේ අනුශාසනා මැද ලක්ෂපාන යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරි මේජර් දමින්ද ගුණවර්ධන මහතා ප්‍රමුඛ සුදු වතින් සැරසුන හමුදා නිලධාරීන් 30 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන්, විශේෂ රන්සිවි ගෙයක තැන්පත් කරන තිබූ සමන්දේව පිළිමය, දේවාභරණ හා සදාතුක කරඬුව රැගත් පෙරහැර එදින රාත්‍රී 11.30 ට පමණ පංචතූර්ය නාඳය මැද්දේ ශ්‍රීපාදස්ථානය වෙත පාගමනින් වැඩම කිරීම ආරම්භ විය. නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයේ පෙරහැර හා රත්නපුර, පළාබද්ගල රජ මාවත ඔස්සේ පැමිණි පෙරහැර ශ්‍රීපාද උඩ මළුව වෙත ළඟා වූයේ (03) දා අළුයම් කාලයේය.
උඳුවප් පුන් පෝය (03)  දා අළුයම යෙදී තිබූ සුභ නැකත් අනුව ශ්‍රීපාදස්ථානාධිපති හිමියන්ගේ මූලිකත්වයෙන් මහා සංඝරත්නයේ සෙත් පිරිත් සඣජායනා මධ්‍යයේ චාරිත්‍රානුකූලව ශ්‍රීපාද පත්මය සුවඳ පැණින් දෝවනය කිරීමෙන් අනතුරුව ඓතිහාසික ශ්‍රීසුමන සමන් දෙවියන්ගේ රන් මුවා පිළිමය හා දේවාභරණ ශ්‍රීපාද උඩ මළුවේ පිහිටි සමන් දේවාලයේ තැන්පත් කිරීම සිදු කෙරිණි. ඊයේ උදැසන දහස් ගණනක් බැතිමතුන්ගේ සාදු නඳ මධ්‍යයේ ප්‍රථම බුද්ධ පූජාව හා පුෂ්ප පූජාව පැවත්වීමෙන් අනතුරුව මෙවර (2017/2018)  ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ විය.
මෙවර ප්‍රථම ශ්‍රීපාද සමාරම්භක දිනයේ අයහපත් කාළගුණය මධ්‍යයේ නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයෙන් හා රත්නපුර පළාබද්ගල මාර්ගයෙන් විශාල වන්දනාකරුවන් පිරිසක් ශ්‍රීපාද උඩ මළුව වෙත පැමිණ සිටි අතර උඳුවප් පුන් පෝය දින  සිල් සමාදන් වූ උවැසි උවැසියන් විශාල පිරිසක්ද දක්නට ලැබුණි.
සඳාතුක කරඬුව, සමන්දේව ප්‍රතිමාව හා දේවාභරණ  නල්ලතන්නිය ශ්‍රීපාද ධර්ම මධ්‍යස්ථානයේ සිට ශ්‍රීපාදස්ථානය බලා පංචතූර්ය නාඳය මධ්‍යයේ වැඩම කරන අයුරු ඡායාරූපවලින් දැක්වේ.
(මස්කෙළිය-ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)






Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment