සුප්‍රකට පොප් ගායිකා රියානාගේ ඥාති සොහොයුරා ඝාතනය කෙරේ

සුප්‍රකට ගායන ශිල්පිණී රියානාගේ 21 හැවිරිදි
ඥාති සහෝදරයා දෙසැම්බර් 26 වනදා ඝාතනය

කරනු ලැබ තිබෙනවා.

ඒ ඔවුනගේ උපන් බිම වන බටහිර ඉන්දීය කොදෙව් රාජ්‍යයක් වන බාර්බඩෝස් රටේදීයි.

ටවොන් කයිසීන් ඇලේන් නම් වූ ඔහු නත්තල් දා ගත කර ඇත්තේ සිය 29 හැවිරිදි සුප්‍රකට ඥාති සොහොයුරිය සමඟයි. බාර්බඩෝස් හි සාන්ත මයිකල් නම් ප්‍රදේශයේදී නාඳුනන තුවක්කුකරුවකු ඔහුට කිහිප විටක් වෙඩි තබා තිබෙන බව වාර්තා වුණා.

රෝහල්ගත කරන ලද පසු ඔහු මිය ගිය බව සඳහන් වුණා.

සිය ඥාති සහෝදරයා සමඟ ගත් ඡායාරූප කිහිපයක් තම ඉන්ස්ටග්‍රෑම් පිටුවේ පළ කරමින් රියානා ඔහුගේ වියෝව පිළිබඳ ශෝකය ප්‍රකාශ කළා. ඇය සිය ඥාති සහෝදරයාට බෙහෙවින් සමීපව සිටි බව පවුලේ වාර්තා කියා සිටිනවා.

මෙම වසර තුළ බාර්බඩෝස් හි ඝාතන 28 ක් වාර්තා වී තිබෙනවා. ඉන් 22 ක් වෙඩි තැබීමෙන් වූ ඒවායි.





Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment