ලබන මැයි 19 වැනිදා බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන රාජකීය මංගල්‍යය සඳහා කටයුතු සූදානම් වන අතරේ හැරි - මෙගන් අතර විවාහයේ දෙවන මනාලිය ලෙස බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා සහභාගී කර ගැනීම
සම්බන්ධයෙන් ආරංචි පැතිර තිබේ.
ඇමෙරිකාවේ චිත්‍රපට වලටත් වඩා දීර්ඝ රූපවාහිනී කතාමාලාවන්හි ප්‍රකට නිළියක වන මේගන් මේ දිනවල ජනප්‍රිය වී සිටින “සූට්ස්’ නමැති කතා මාලාවේ රූගත කිරීම් කැනඩාවේදී සිදුකරන අතර ඒ යාබද ස්ථානයක ‘කොන්ටිකෝ’ නමැති රූපවාහිනී කතා මාලාවේ රූගත කිරීම්ද සිදුවේ. මේ සඳහා බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා එක්වීමෙන් පසු මේ දෙදෙ පසුගිය කාලයේ නිතර මුණගැසී මිතුරියන් බවට පත්ව තිබුණි.
ඒ අනුව මෙම ආරාධනය සිදුකර ඇතැයි විදෙස් පුවත් වාර්තා කර තිබේ.
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment